Tue. Oct 15th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

සවස් කාලයේ වැසි තත්ත්වයේ ඉහළ යෑමක්

Read Time4Seconds

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර,දකුණු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම, සබරගමුව, උතුරු-මැද, දකුණු සහ ඌව පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. (75-100) ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙයි

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *