Tue. Oct 15th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

145 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් නව තැපැල් ලාංඡනය එළිදකී

Read Time3Seconds

145 වන 2019 ලෝක තැපැල් දිනයට සමගාමී ව  තැපැල් මුලස්ථානයේ දී අද (09) පැවති සංවත්සර උත්සවයේ දී නව තැපැල් ලාංඡනය එළිදැක්වීම සිදු විය.

වසර 1969 දී ලෝක තැපැල් දිනය අද දිනක ප්‍රථම වරට පවත්වන ලද අතර, මෙම උත්සවය ජපාන අගනුවර වන ටෝකියෝ නගරයේ සිදු වූ ලෝක තැපැල් සේවක සංගමයේ සම්මේලනයේ සහභාගීවන්නන් විසින් තීරණය කරන ලදී. 1874 දී ලෝකයේ රටවල් 22 ක නියෝජිතයින් ස්විට්සර්ලන්තයේ බර්න් නගරයට රැස් ව සාමාන්‍ය තැපැල් සංගමය පිහිටුවන ලද ලියවිල්ලකට අත්සන් තබන ලදී. එම වැදගත් සිදුවීමෙන් වසර හතරකට පසු සාමාන්‍ය තැපැල් සංගමය, විශ්ව තැපැල් සංගමය (යූපීයූ) ලෙස නම් කරන ලද අතර මෙය අද වන විට පවතින ජාත්‍යන්තර සංවිධානයේ නමයි. 21 සියවසේ දී යූපීයූ ව ට ලෝකයේ රටවල් 189 ක් ඇතුළත් වී ඇත.

එමෙන්ම ලිපි යැවීමට වඩා තැපෑල හරහා සිදු වන බොහෝ සේවාවන් ජනතාවට සපයන බවත්, තැපෑල සේවාවක් වන නමුදු එය ලාභ උපයා ගැනීමේ ආයතනයක් බවට පරිවර්තනය කර ගත යුතු බවත් පැවසු ඒ මහතා අලුත් ජවයකින් යුතුව ඉදිරියට යන්නට වර්තමානයට සරිලන ලෙස අද දින එළිදැක් වූ නව තැපැල් ලාංඡනය උපයෝගී කර ගත හැකි වන බවත්, එළි දැක් වූ නව ලාංඡනය සමඟ සියලු දේ නව මුහුණුවරකින් යුක්තව කටයුතු කිරීමට හැකි වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *