Mon. Feb 17th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

සජිත් ගේ අමාත්‍යාංශයේ වාහන මැතිවරණ වැඩවලට යෙදවූ බවට ලොකුගේගෙන් පැමිණිල්ලක්

Read Time4 Second

පවතින මැතිවරණ නීතිරිතී උල්ලංඝණය කරමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිල වාහන 5 ක් එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ ඡන්ද ව්‍යාපාරයට යොදවා ඇති බවට මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රගතශීලි වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ විසින් මෙලෙස මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබේ.

ඒ සමඟම අලුතින් ණය ලබාදීමේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරිම තුළින් ණය ඉල්ලුම්කරුවන් සඳහා රුපියල් 50,000 ක අත්තිකාරම් මුදලක් දේශපාලන අල්ලස් ලබාදීමත් සිදුකරගෙන යන බව ද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *