Tue. Oct 15th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

SLFPයෙන් තවත් ගිවිසුම්

Read Time11Seconds

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (10) සිදු වීමට නියමිතය.

අද අත්සන් තැබෙන ගිවිසුමට අමතරව ඉදිරි දින කිහිපයේදී දෙපාර්ශ්වය තවත් ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට නියමිතව තිබේ.

CGS අප කල විමසුමට පිළිතුරු දුන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම පැවසුවේ ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් ගොඩනැගෙන නව සන්ධානයේ සම නායකත්වය දෙපාර්ශ්වයටම හිමිවන බවත්, මහ ලේකම් ධූරය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවන බවයි.

“ප්‍රධාන වශයෙන් කරුණු 03ක් සිද්ධ වෙනවා. එකක් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇතිවෙන අවබෝධතා ගිවිසුම. 15 වැනිදා ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති කරගන්නා අවබෝධතා ගිවිසුම. තුන්වැනි කාරණය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් ඇති කරගන්නා නව සන්ධානය. පක්ෂ දෙකේ සියලු දේශපාලන බලවේග එය තුළ සිටිනවා.”

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *