Tue. Oct 15th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ඉදිරි දින වලත් වැසි. ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට

Read Time8Seconds

දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් පවතිනු ඇතැයි ද දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සබරගමුව, බස්නාහිර,මධ්‍යම, ඌව,දකුණු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. (75-100) පමණ තරමක් තද වර්ෂාපතනයන්ද බලාපොරොත්තු වන අතර බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද සිහින් වැසි ඇති විය හැක.

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

එමෙන්ම මේ වන විට මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලෙන අධික වර්ෂාවත් සමගම කාසල්රි ජලාශය පිටාර මට්ටම ඉක්මවා යාමෙන් එම ජලාශය (12) අලුයම සිට වාන් දැමිමට පටන්ගෙන ඇත. අක්කර අඩි හැට අටදහසක වපසරියකින් යුත් කාසල්රි ජලාශය වසරකට පමණ පසුව මෙලෙස වාන් දමන බවයි විදුලි බල මණ්ඩලය කියා සිටියි

කාසල්රි ජලාශය වාන් දැමිමත් සමග ඊට පහලින් වු විමලසුරෙන්ද්‍ර ජලාශයද වාන් දැමිමට පටන්ගෙන ඇති අතර එම ජලාශ 02ම වාන් දැමිම නිසා කැළණි ගගේ ජල මට්ටමද තරමක් ඉහල ගොස් ඇත. එමෙන්ම මවුස්සාකැලේ ජලාශය ද පිටාර මට්ටමට ආසන්න වි ඇති බවයි වාර්තා වේ

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *