සරාගී බොලිවුඩ් තරුව හමුවූ මොහොත “Shraddha Das”

බොලිවුඩ් මෙන්ම තෙලිඟු සිනමාවෙන් ඉන්දීය සුපිරි තරුවක්වූ ශ්‍රද්ධා දාස් සම්මානනීය නිළියක්. දමිළ තෙලිගු මලයාලම් බෙංගාලි හින්දි යන භාෂා කිහිපයකින්ම නිර්මාණයවූ චිත්‍රපට හරහා ඇය පෙනී සිටින නිලියක්.
ජනමාධ්‍ය සහ ජනසන්නිවේදන උපාධිධාරිනියක් වන ආකර්ශනීය ඉන්දීය සුරුපිණිය උපතින්ම පංචකල්‍යානීයට හිමිකම් කියන්නියක් බව ඇය දුටු පමණින්ම හැගී ගියේ එතරම් අනෙකා වශී කරවන සුළු රුවක් ඇය සතුවූ නිසාවෙනි. බොම්බේ ගොරෝගව්හිදී සවස තේ පැන් සාදයකදී අපට මෙසේ හමු වෙනවා.. නිහතමානී ඇගේ හමුවෙන් අපේ සැදෑ සමය වඩාත් රසගැන් වුණා …
ඔබ ඇයි නිළියක් වුණේ?
පුංචි කාලේ ඉදලා මට ආසාවක් තිබ්බා රඟපෑමට. ශුශ්මිතා සෙන් ලෝක රූ රැජිණ වෙලා ඉංදියාවට එනකොට මටත් ඒ වහේ වෙන්න ඕන කියලා මට හිතුණා. ඔය ආශාව තමයි මාව ඉදිරියට ගෙනාවේ.
මොකද්ද ඔබේ රූපයේ රහස ?
සතුටින් ඉන්නවා. මනස නිරවුල්ව තබා ගන්නවා. ඒ සදහා විශේෂයෙන්ම කරන්නේ යොගා. මගේ ජීවිතේට යොගා ලොකු ශක්තියක්.
එතකොට ශරීරයේ හැඩය තබා ගන්නේ ?
යොගා තමයි. මම හැමදේම කනවා. හැම පැය දෙකකට වරක්ම මොනම හරි කනවා. පනීල්, පානිපුර් (ඉන්දියානු විශේෂිත කෑම වර්ගයක්) තමයි ආසම. ඒවගේම වතුර බොනවා
ඔබ කැමතිම විලාසිතා වර්ගය ?
සාරිය. එය ඕනෑම තැනකට යෝග්‍යයි. ගොඩක් තද පාට වලට කැමතියි.
විවේකි වෙලාවල් වලදී මොනවද කරන්නේ ?
යොගා. ඒ වගේම ගීත අහනවා, ගීත කියනවා කොහොමත් මට හොදට සින්දු කියන්න පුළුවන්. චිත්‍රපට බලනවා.
ශ්‍රී ලංකාව ගැන මොකද හිතන්නේ?
කවදාවත් ඇවිල්ලා නැහැ. ලංකාවේ ජැක්ලින්ව විතරයි දන්නේ
දිගටම රගපානවද ?
එය විවාහයත් එක්ක තීරණය වෙයි කියලා හිතනවා. විවාහ වෙන කෙනා අනුව එය තීරණය වේවි
By Ashanthi Warunasuriya in Mumbai
0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here