Wed. Nov 13th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

රංගනයට වගේම නිවේදනයට එක ලෙසටම ආදරය කරන වොල්ගා

Read Time11Seconds

වොල්ගා කල්පනී නව පරපුරේ ආකර්ශනීය රංගනශිල්පිණියක්. නිවේදිකාවක් ලෙස කලක් රසික හදවත්හි ලැගුම්ගත් ඇය අද නැති නාට්‍යක් නොමැති තරම්…

ඔබ ශේෂ්ත්‍රයට පිවිසෙන්නේ නිවේදිකාවක් විදිහට ?
ඔව් ස්වර්ණවාහිනියෙන්. එහි වැඩසටහන් අධ්‍යක්‍ෂක බුද්ධික කුලසේකර ඇහුවා “රඟ පාලා බලමුද කියලා.. එතැනින් රංගනය ආරම්භ වුණා..

නිවේදන කටයුතු නතර වුණා නේද ?
මම රංගනයට වගේම නිවේදනයට එක ලෙසටම ආදරෙයි. කාලය එක්ක තමයි ඒ ප්‍රශ්ණය. ආරාධනා තියෙනවා.බලමු …

චරිතයක් තෝරා ගන්නේ කොහොමද ?
සිමා මායිම් තියෙනවා. ඒ තුළ ලැබෙන චරිත භාර ගන්නවා.

ඔබත් මෙගා නිළියක්?
මෙගා කියන්නේ ;ලොකු අත්දැකීමක්. ප්‍රවීණයන් රැසක් සමග වැඩ කරන්න ලැබෙනවා. මට මෙගා වල වැරද්දක් පේන්නේ නැහැ. මට ගොඩක් දේවල් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණා.

රංගනය තවම හදාරනවද ?
ඔව් එදා ඉදල මේ දක්වාත් නිතරම පුළුවන් හැමදේම ඉගෙන ගන්නවා.

කටකතා ගැන මොකද හිතන්නේ ?
මම ඕවා ලොකුවට ගන්නේ නැහැ. හැමෝම එක්ක සුහදව ඉන්නවා.

තවමත් බලන් ඉන්න චරිතයක් තියෙනවාද?
මම මේ ක්ෂේත්‍රයට කරන්න බලාගෙන ආපු චරිතයක් තියෙනවා. ඒ සඳහා ‍පොඩි අවස්ථාවක් ලැබුණා. නමුත් තවත් වැඩිදුර ඒ චරිතය අරන් යන්න මම කැමතියි. ඒ තමයි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු කෙනකුගේ චරිතයක් රඟපාන එක. මම බලපු චිත්‍රපටයකදී මට එහෙම චරිතයක් හම්බවුණා. ප්‍රියංකා චොප්රා තමයි එහි රඟපාන්නේ. ඉතින් ඒ චිත්‍රපටය බැලුවට පස්සේ තමයි මටත් මෙහෙම රඟපාන්න ඕන කියන ආසාව ඇති වුණේ. ලංකාවේ හරි අඩුයි එහෙම චරිතයකට ලැබෙන අවස්ථාව.

ශේෂ්ත්‍රයේදී ප්‍රවීණයන්ගේ ඇසුර ගැන මොකද හිතෙන්නේ ?
ඒක මට ලැබුණු එක්තරා වාසනාවක්. මම ආපු පළවැනි දවසෙ ඉඳන්ම මට ප්‍රවීණයන් එක්ක රඟපාන්න ලැබෙන අවස්ථා වැඩියි. ඔවුන් අපිට හරි ආදරෙයි. ඉගෙන ගන්න සෑහෙන දේවල් ඔවුන් ළඟ තියෙනවා.

ඔයිට වඩා උස මහත වෙන්නෙම නැහැ නේද ? දැක්ක දවසේ ඉදලම ඔබ එකම වගේ ?
ඒකනේ …. අනේ මන්දා… තව උස ගියා නම් හොදයි කියලත් හිතෙනවා. මහත් වේගෙන එන වෙලාවලුත් තියෙනවා. එතකොට හිතලම කෙට්ටු වෙනවා.

ඔබේ අරමුණු ?
ශේෂ්ත්‍රයේ හොද ගමනක් යන්න. කාටවත් කරදරයක් ප්‍රශ්ණයක් නැතුව ජිවත් වීම. දෙමව්පියන්ව හොදින් බලා ගැනීම

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *