Wed. Nov 13th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුව

Read Time40Seconds

යුක්තියේ සිදුරු සහ නීතියේ අභියෝග ජය ගැනීම අත්‍යවශ්‍ය දෙයක්, ඒ තුළින් මානව හිමිකම් ආරක්ෂා වීම හිංසනයෙන් ලබන්නාවු නිදහස සහ දිළිදු බව හේතුවෙන් ඇති වන අනාරක්ෂිත බව තුරන් කළ හැකි බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතිඥ අමාත්‍ය තලතා අතුකෝරල කොළඹ දී ආරම්භ වු පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුව අමතමින් පැවසිය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමයේ මහා ලේකම් Patricia Scotland මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ විය.එහිදි තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.
පොදු රාජ්‍ය මණ්ඩලීය නීති සමුළුවට පැමිණි ගරු අග්‍රාමාත්‍යතුමා පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමයේ මහා ලේකම් Patricia Scotland මැතිණිය කථානායකතුමා අගවිනිසුරුතුමා නීතිපතිතුමා ඇතුළු සියලු රටවලින් පැමිණි අධිකරණ ඇමතිතුමන්ලා නීතිපතිතුමන්ලා අධිකරණ නිලධාරීන් ඔබ සියලු දෙනාම පිළි ගන්නවා. මේ වසරේදී අපගේ තේමාව වන්නේ යුක්තියට ප්‍රවිශ්ට වීම හා නිතියේ ආධිපත්‍යයි.එය මිනිස් ජීවිතයේ ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනවා.

යුක්තියට ප්‍රවිශ්ටවීම හා නීතියේ ආධිපත්‍යය යනු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශයම දෙයක් ලෙස ලොව පිළිගත් කරුණක් බව කිව යුතුයි.එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයට අනුව තිරසර සංවර්ධනය සදහා නීතියේ ආධිපත්‍යය බල ගැන්වීම ඇතුළත් කොට තිබෙනවා.තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට යුක්තියේ ප්‍රවිෂ්ටතාව වැදගත්.2019 ලෝක යුක්ති ව්‍යාපෘතිය විසින් කළ සමීක්ෂණයකට අනුව ලොව පුරා බිලියන 04 කට වැඩි ජනතාවක් යුක්තිය නිසි පරිදි ඉටු නොවී සමාජයෙන් කොන් වී සිටින බව හෙළිව තිබෙනවා.සේව්‍යයන් විසින් සහ හිංසනය මගින් ඔවුන් යටපත් කොට දමා රවටා තිබෙනවා.බහුවිධ හිංසනයට ලක් වන කාන්තාවන් නීතියේ පරිබාහිරත්වය නිසා පීඩාවට පත් වෙන බව කිව යුතුයි.අපි දන්නා පරිදි ජීවිතයේ සෑම අංශයකටම නීතිය බලපානු ලබයි.උදාහරණයක් ලෙස සෞඛ්‍යය අධ්‍යාපනය රැකියා නිවාස හා ජීවිකාව හදුන්වා දිය හැකියි.ඒ නිසාම යුක්තියේ සිදුරු සහ නීති අභියෝග ජය ගැනීම අත්‍යවශ්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා.ඒ තුළින් මානව හිමිකම් ආරක්ෂා වීම හිංසනයෙන් ලබන්නාවු නිදහස සහ දිළිදු බව හේතුවෙන් ඇති වන අනාරක්ෂිත බව තුරන් කළ හැකියි.යුක්තිය හා සාමය උදා නොකොට සාර්ථකත්වය ළගා කර ගත නොහැකියි.
රජයන් අධිකරණ ක්‍රියාවලිය තුළින් මිනිසුන්ට යුක්තියේ ප්‍රවිෂ්ටතාව ලබා ගැනීමට උදවු කරන්නේ කෙසේ ද නීතියේ බල ගැන්වීම ඇතුළු නීති සේවා සැපයීමට ගත හැකි නිවැරදි පියවර මොනවාද අපේ රටවල් වල නීති සහ අධිකරණ සේවා ලබාදීමේදී නව තාක්ෂණයේ වාසිය ලබා ගත හැකි ආකාරය තිරසර අයුරින් මුලික යුක්ති සේවා කාර්යක්ෂම හා විශ්වසනීය ලෙස ලබා දෙන්නේ කෙසේ ද අඩු මුදලකින් නීති සේවාවන් සේවා ලාභීන්ට දිය මැකි ආකාරය දිගු කාලීන ඇගයුම් නිර්මාණයක් සමග සාමකාමී සමාජ වර්ධනයක් කර ගන්නේ කෙසේ ද යන්නයි.අපි අභි නව දසකයක් ආසන්නයේ ඉන්නවා.අපි අභියෝග රැසකට මුහුණ පා සිටිනවා.අප ඒ සදමා අභියෝග ජය ගැනීමට ජාතීන් අතර ආයතන අතර ඒකාබද්ධව ප්‍රයත්නයක් දැරිය යුතුයි.එවැනි සංදර්භයක් තුළ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වල එකමුතුව ඉතා හොද වේදිකාවක් සපයන බව කිව යුතුයි.

2019 අධිකරණ අමාත්‍යවරුන්ගේ මේ සමුළුව තුළින් අපිට වඩාත් හොද එළඹුම් වලට ළගා විය හැකියි.
මෙම සමුළුව පැවැත්වෙන කාලය අතර තුර සාකච්ඡා කිරීමෙන් අත් දැකීම් බෙදා ගැනීම තුළින් දැනුම හුවමාරුව මගින් අපගේ ආර්ථිකය ශක්තිමත් කර ගනිමින් අපගේ හැරවුම් ලක්ෂයක් ලෙස මෙය පත් කර ගත යුතුයි.සමුළුව අවසානයේදී ශ්‍රී ලංකාවේ ඓතිහාසික සුන්දර ස්ථාන නැරඹීමට පැමිණෙන ලෙස ඉල්ලා සිටින බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පොදු රාජ්‍ය මණ්ඩලීය සංගමයේ මහා ලේකම් Patricia Scotland අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ති විජේතුංග යන මහත්ම මහත්මීන්ද මෙහිදි සමුළුව අමතනු ලැබු අතර අගවිනිසුරු ජයන්ත ජයසුරිය, නීතිපති දප්පුල ද ලිවේරා, කථානායක කරූ ජයසුරිය යන මහත්වරුන් ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නීති අමාත්‍යවරුන් නීතිපතිවරුන් නීති ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් විය.
පොදු රාජ්‍ය මණ්ඩලය සාමාජික රටවල් 53 කින් සමන්විත වන අතර අවසන් වරට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නීති අමාත්‍යවරුන්ගේ සමුළුව 2017 වසරේ ඔක්තෝම්බර් මාසයේදී බහමාස් දුපත්වල නසාවු නගරයේදි පැවැත්විණි.එහි තේමාව බවට පත් ව තිබුණේ තාක්ෂණය හරහා නීතියේ පාලනය සවිබල ගැන්වීම යන්නයි.

එමෙන්ම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගිවීම සදහා මෙරටට පැමිණ සිටින මැලේසියානු නීති කටයුතු අමාත්‍ය Liew Vui Keang මහතා සහ එරටින් පැමිණ සිටින නියෝජිතයින් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගිවීම සදහා මෙරටට පැමිණ සිටින නවසීලන්ත අධිකරණ අමාත්‍ය ඇන්ඩෘ ලිට්ල් (ANDREW LITTLE ) මහතා අතර හමුවක් ද සිදු විය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *