අධික වායු දූෂණය ගැන බලධාරීන් අනතුරු අඟවයි

ඉන්දියාවේ නව දිල්ලි නුවරට බලපා තිබෙන වායු දුෂණය මේ වන විට ශ්‍රී ලංකාවටද බලපා ඇති බව ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ ආයතනය සඳහන් කර සිටියි. එම දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කලේ මේ වන විට මෙරට වායු දුෂණය දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවය.

කියුබික් මීටරයකට මයික්‍රොග්‍රෑම් 50 ක් ලෙස සම්මතව පවතින වාතයේ කුඩා අංශු ප්‍රමාණය අද (06) දහවල් කාලය වන විට මයික්‍රොග්‍රෑම් 70 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ සුළං හමා ඒමේ දිශාව වෙනස් වීම හේතුවෙන් ඉන්දියාවේ සිට මෙම ධුලි වළාව ශ්‍රී ලංකාව දෙසට පැමිණෙන්නට ඇත.

දැනට පවතින වායු දුෂණය හේතුවෙන් ස්වශන රෝග සහිත පුද්ගලයින්, කුඩා දරුවන් සහ වැඩිහිටියන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවිය යුතු බවයි ජේෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සාකච්ජා කිරීම සඳහා අද දහවල් ආපදා කළමණාකරන අමාත්‍යංශයේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ජාවක් ද කැඳවා ඇත.

 

 

 

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here