එක්නැලිගොඩ සිද්ධියට හත් දෙනෙකුට අධිචෝදනා

එක්නැලිගොඩ පැහැර ගැනීමේ සිද්ධියට හත් දෙනෙකුට අධිචෝදනා ගොනු කර ඇත.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීමේ සිද්ධියට අදාළව ලුතිනන් කර්නල් ශම්මි කරුණාරත්න, ප්‍රබෝධ සිරිවර්ධන සහ තවත් 5 දෙනෙකුට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී නිශාරා ජයරත්න මෙනවිය පවසයි.

ඒ අනුව හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ ලූතිනන් කර්නල් ශම්මි කුමාරරත්න, ලූතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන, ටී. කේ රාජපක්ෂ, ඩිලන්ජන් උපසේන, එස්.කේ. උළුගෙදර, රවීන්ද්‍ර රූපසේන සහ හේමචන්ද්‍ර පෙරේරා යන නිලධාරීන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇති බව සඳහන්.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here