Wed. Nov 13th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ජනාධිපති අපේක්ෂකගේ පරිසර විසදුම් 

Read Time34Seconds
මෙවරජනාධිපති අපේක්ෂකයන් ජනතාවට ඉදිරිපත් කර ඇති පරිසර ප්‍රතිපත්ති පිළිබද පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පසුගියදා සංවාදයක් සංවිධානය කර තිබුණා. මෙම සංවාධයට ජනාධිපතිධුර අපේක්ෂකයන් මෙන්ම ජනාධිපතිධුර අපේක්ෂකයන් නියෝජිතයින් සහභාගී වුණා. ඒ අනුව මේ දැක්වෙන්නේ ඉදිරි ජනධුපතිධුර අපේක්ෂකයන්ගේ පරිසරය පිළිබදව ඇති ප්‍රතිපත්තීන්ය.
පොළවේ පැලකළ හැකි වැඩක් එක්ක ජාතික සංවර්ධන පෙරමුණේ
ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පල්ලෙවත්ත
අපේ ප්‍රතිපත්ති සැකසුනේ විදවතුන් විසින් මිට වසර 4කට පමණ පෙර. ඒක මගේ අතට ආවම මම බැලුවේ මේවා ක්‍රියාත්මක කළ හැකිද කියලා. ප්‍රතිපත්ති මහා පොළොවේ යථාර්තයක් කර ගන්න පුළුවන් නිසයි මම ඉදිරිපත් වුණෙත්.මේ ප්‍රතිපත්ති මගේ නායකත්වය යටතේ අධීක්ෂණය කිරීමේදී මම ක‍රන 5ක් බලනවා.හුස්ම ගන්න වාතය ටික පානය කරන ජලය අපිරිසිදු වෙනවා නම්, අහාර වල විෂ නම්, හරිතගාහනය අඩු වෙනවා නම්,අපේ සෛරිභාවයට හානි වෙනවා නම් අපිට ඒ වගේ ප්‍රතිපත්ති අවශ්‍ය නැහැ. එවැනි නායකත්වයක් මම බලාපොරොත්තු වෙනවා.මගේ ඉඩම අක්කර 4ක් පමණ තියෙනවා එතැනින් ගොඩනැගිලි ඉදි කරන්න මම භාවිතා කළේ වර්ග අඩි 5000ක් පමණ. මම මූලිකවම කටයුතු කරන්නේ පරිසර හිතකාමී ලෙස.
හරිත ප්‍රතිපත්තියක් එක්ක පොදුජන පෙරමුණ
ශ්‍රී ලංකා පොදුජණ පෙරමුණ නියෝජනය කරමින් අදහසක් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල
අපි පරිසර හිතවාදී මැතිවරණ වියාපාරයක් කරන්නේ නිදහසේ හුස්මට ඉඩක් යනුවෙන්. ගස් සිටුවීමත් මේ අතර තුර සිදු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පරිසර ප්‍රතිපත්ති පිළිබද සලකා බැලීමේදී “ගෝඨාභය රට හදන සෞභාගයේ දැක්ම” නමින් සම්ප්‍රදායික දේවල් වලින් ඔබ්බට ගොස් සමස්ත ප්‍රතිපත්ති ප්‍රකාශයම හරිත ප්‍රතිපත්තියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඉඩම් පරිහරණය, නගර නිර්මාණය, ප්‍රවාහනය, කෘෂි කර්මාන්තය, කර්මාන්ත මෙලෙස සෑම පැත්තක් කෙරෙහිම අවධානය යොමු කර තිබෙනවා. ජනාධිපති ප්‍රමුඛ මසකට වරක් පැවැත්වෙන ජාතික හරිත සභාවක් ඇති කිරීමටත් අපේ යෝජනාවේ සදහන්. ගෙවතු වගා, නව වගා, මෙන්ම පරිසර සංවේදී පුද්ගලයන් බිහි කිරීමට ඊට අනුයෝගී අධ්‍යාපන ක්‍රමයක් වන සංරක්ෂණය, සංරක්ෂණ පාලන ක්‍රම මේ සියල්ල අපේ ප්‍රතිපත්තියේ ඇතුලත්.
සොභාදහම ගැන විශ්වාසයක් ඇති කරන එජාපය
නව ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අජිත් මාන්නප්පෙරුම
සජිත් මයා පරිසරයට ආදරය කරන කෙනෙක්. ඔහුගේ වැඩ පිළිවෙල තුල ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැහැ. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය තුළ පරිසරයට විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. අද සංවර්ධන වැඩ එක්ක පරිසර විනාශය ගැන කතා කරනවා. නමුත් සංවර්ධනය නතර කරන්න බැහැ. සංවර්ධනය කිරීමේදී පරිසරයට හානි නොවී කටයුතු කිරීමට අපි වගබලා ගන්නවා. සදාහරිත වනාන්තර, ප්ලාස්ටික් කඩදාසි ටින් මෙන්ම කසළ කළමනාකරණය අලි මිනිස් ගැටුම වැනි බොහෝ දේ තියෙනවා. සොබාදහම පළිබද දැඩි විශ්වාසයක් තියෙන සමාජයක් නිර්මනට කිරීම සදහා අවශ්‍ය ප්‍රතිපත්ති සකච්චා කරනවා.
අලිමිනිස් ගැටුම සමග ජාතික ජන බලවේගය
ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් සමන්ත විද්‍යාරත්න
විදවතුන් එකතු කරන්න මේ පරිසර ප්‍රතිපත්තිය හදන්න වසර දෙකක් පමණ අපි කතා කළා. පරිසර විනාශයන් මෙන්ම බොහෝ පැති අපි අධ්‍යනය කළා. පාරිසරික යහපාලනය, පරිසර ආරක්ෂාව, ඩෙංගු වැනි සෞක්‍ය ගැටළු, කසළ කළමනාකරණය, විශේෂයෙන් අලිමිනිස් ගැටුම, ජාල සම්පත නිසි ලෙස කළමනාකරණය වැනි බොහෝ පැති බලලා ඒවාට විසදුම් සකස් කර තිබෙනවා. මේ තුළ අපේ පාලන කාලය තුළ සමස්ත වන සම්පත සියයට 35ක් ඉහළ යනවා.
භුමිය ජලය වාතය ජීව පද්ධති වගකීම සහ වගවීමට  ප්‍රමුඛ වන ජාතික ජනතා පක්ෂය
ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂක මහේෂ් සේනානායක මහතා
 පුද්ගලිකව සහ සාමූහිකව මිනිසුන්ගේ ක්‍රියාදාමයන් පරිසර සහ ස්වභාවික සම්පත් වෙත බලපාන්නේ කෙසේද ටන්න පිළිබද අපේ පරිසර ප්‍රතිපත්ති මාලාවේ කතා කර තිබෙනවා. භුමිය වාතය ජලය ජීව පද්ධති ලෙස ප්‍රධාන ලෙස අංශ 4ක් බෙදලා තමයි අපේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන්නේ. සංවර්ධනයේ ඉදිර්කිරීම්, මානව , සමාජ පරිසරය යන අංශ 4 ක්‍රියාත්මක වෙන්න කොහොමද කියලත් අපි පෙන්වලා තියෙනවා. එමගින් තිරසාර සංවර්ධනයක අරමුණු කර ගත් ගමනක ජාතික ප්‍රතිපත්ති සකස් කර පරිසරය රැක ගැනීම සැමගේම වගකීමක් කොට වනජීවී කලාප, වන සංරක්ෂණය, කෘෂි කර්මාන්තය, වැවිලි කර්මාන්තය,ඉඩම් සංවර්ධනය, සෞක්‍ය, සනීපාරක්ෂාව, නාගරික සංවර්ධනය, ඇතුළු තව බොහෝ දේ ජනතාව දැනුවත් කරමින් වගකීම සහ වගවීම වෙත පැවරීමට අපේ අපේක්ෂාවයි.
පරිසර ඇමැතිධුරයක් අවශ්‍ය නොවන ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය
ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ආචාර්ය අජන්තා පෙරේරා
මම ජනාධිපති වුණොත් පරිසර ඇමතිධුරය අවශ්‍ය නැහැ කියලා තීරණය කරනවා. පරිසර ඇමැතිධුරයක් කියන්නේ කැබිනට් මණ්ඩලයට අතවශ්‍ය දෙයක් නෙමෙයි. මේකට හේතුව තනිව තීරණයක් ගැනීමට නොහැකි වීම. ඇමති මණ්ඩලය තුල පරිසර විනාශ වීම් වලක්වන්න ඇමතිට බැහැ. පොර්ට් සිටි වියාපෘතිය අරුවක්කාලු කසළ රදවනය නවත්ත ගන්න බැරි වුණා. පසුගිය සමයේ පරිසට ඇගයීම් වාර්තා අතවශ්‍ය වුණත් සංවර්ධනය වියපෘති එක්ක පරිසර විනාශයන් කෙතරම් සිදු වුණාද? පරිසර අමත්යන්ශයකින් තොරව, ඇමති කෙනෙක්ගේ තොරව, මධ්‍යම පරිසර අධිකාරියට සියලුම බලතල දීලා කටයුතු කිරීම ප්‍රමාණවත්. මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් හොදින් වැඩ කරනවා. එම ආයතන ස්වාධින විය යුතුයි. ධිවර ගොවි කම්කරු ජනතාව දැන් තීරණයක් ගන්න ඕන.
  • AW
0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *