Wed. Nov 13th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ටෙලෝත් සජිත් සමග

Read Time5Seconds

එළැඹෙන ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහයෝගයත් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත ලබාදීමට පක්ෂය තීරණය කළ බව ටෙලෝ පක්ෂයේ මධ්‍යම කාරක සභ‍ව තීරණය කර ඇති බව එහි නායක සෙල්වම් අඩෙක්කලනාදන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ජනාධිපතිවරණය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා දෙමළ ජනාතාවගේ ගැටළුවලට සාධාරණ විසදුමක් ලබා ගැනීමට හැකියාවක් පවතින බවට තම පක්ෂයද තීරණය කළ බවත්, අදාළ කාරණය සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බවත් ඔවුන් කියයි.

කෙසේ වෙතත් ටෙලෝ පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් ටෙ‍ලෝ පක්ෂයේ සියළු තනතුරුවලින් ඉල්ලා අස්වී ස්වාධීන අපේක්ෂයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව සිටියි

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *