දක්ෂිණ අධිවේගී බරවකුඹුක සිට හම්බන්තොට සහ කඩවත කෙරවලපිටිය ජනතා අයිතියට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක සිට හම්බන්තොට දක්වා වූ දිගුව සහ පිටත වටරවුම මාර්ගයේ කඩවත කෙරවලපිටිය කොටස අද (07) ජනතා අයිතියට පැවරේ.

එම මාර්ග කොටස් 02, හෙට (08) මධ්‍යම රාතී‍්‍ර 12.00 සිට රථවාහන ධාවනය සඳහා විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි පැවසයි.

තවත් කෙටි කලක් තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉතිරිවී ඇති කොටසේ ඉදිකිරීම් ද අවසන් කළ හැකිද ඔහු පවසයි.

ඉදිරියේදී යහපත් කාලගුණ තත්ත්වයක් පැවතියහොත් හම්බන්තොට සිට කටුනායක දක්වා එකම මාර්ගයෙන් ගමන් කිරීමේ අවස්ථාව ජනතාවට උදා වන අතර මෙතෙක් එම කටයුතුවලට බාධා ඇති වූයේ වර්ෂාව නිසා බවද මෙම අධිවේගී මාර්ග ද්විත්වය සම්බන්ධ වීමත් සමග දැනට අයකරන ගාස්තු ක‍්‍රමය සංශෝධනයකට ලක්වන බවයි වැඩිදුරටත් ඔහු පවසයි.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here