සුපුරුදු පොරොන්දු වලට එකතු වෙනවාද? විකල්ප බලවේගයක් දිනවනවද?

ජනතා විමුක්ති පෙරමුණ මෙවර ඉදිරිපත් කරන්නේ ජාතික ජන බලවේගයක ප්‍රතිපත්තිය. අනෙක් පැත්තෙන් සුපුරුදු පොරොන්දු ගොන්නක් දෙන රටේ මෙතෙක් තිබු සාමාන්‍ය ප්‍රධාන පක්ෂය.

මෙවර රට වෙනුවෙන් විකල්ප බලවේග කිහිපයක් එකතු වෙද්දී ජනතාවත් ඔවුන්ට එකතු වෙමින් තිබෙන මොහොතකදී අපි කතා කරද්දී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්සට තිබුණේ මෙවන් අදහසක්.

ප්‍රධන පක්ෂ දෙකම හැසිරෙන්නේ එයාලා දිනලා වගේ නේද?
වෙනසක් අවශ්‍යයි කියන එක රටේම මතය වෙලා. ඒක පැරණි පක්ෂ වල මුහුණු වෙනස් වුණා කියලා ලැබෙන්නේ නැහැ. මේ යට රට ගොඩගන්න බැහැ. රට තියෙන තත්වෙට වගකියන්නත් අවශ්‍ය මෙයාලා. ඒ නිසාම ඔය කොයි කවුරු උදම් අනුවත් වෙනසකට ඉඩක් තියෙනවා.

ජාතික ජන බලවේගයේ වැඩ කොහොමද?
ඒ වෙනසට අවශ්‍ය ජාතික ජන බලවේගය දැන් රටේ හදාගෙන යනවා. වෙනසක් බලාපොරොත්තු වන ජනතාවට මේක තමයි අවස්ථාව. වෙනස් කිරීමේ අවස්ථාව තියෙන්නෙත් ජනතාවට. අපි විශ්වාස කරනවා ඒ සදහා ජනතාව පෙළ ගැසෙන බවට.

මෙහේෂ් සේනානායක, රොහාන් පල්ලෙවත්ත එකතු වෙන එක ගැන මොකද හිතන්නේ ?
සමාජේ බහුතරේ මතය මෙයයි.දුෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන එක. ඔය ස්වාධීනව මේ කදවුරු දෙක එක්ක හැප්පෙන්න බැහැ. අපේ වැඩපිළිවෙල එයාලට ඉදිරිපත් කරලා තියෙනවා.එයාලා අපිත් එක්ක එකතු වෙනවා නම් අපෙන් කිසිම බාධාවක් නැහැ.

ජවිපෙ එක්ක ජනතාව පෙළ ගැහෙනවා අපි දකිනවා. ඒ පෙළ ගැසීම ප්‍රථිපල වල දකින්න නැහැනේ ?
ජවිපෙ පැවැත්වූ රැස්වීම් ගත්තම ජාතික ජන බලවේගයේ ගෝල්ෆේස් පිටියේ රැළිය සාර්ථකයි. ජවිපෙ තනියම ලබා ගත් ප්‍රථිපල නෙමෙයි ජන බලවේගය විදියට ලැබෙන්නේ. ජාතික ජන බලවේගයත් එක්ක එකතුවූ විශාල ශක්තිමත් පිරිසක් ඉන්නවා. ඒ පිරිස 16 වෙනිදා ජන්දේ දෙයි කියලා විශ්වාස කරනවා.

ජාතික ජන බලවේගයේ ජන්ද සලකුණ විමල් විරවංශ නිර්මාණය කළ එකක් බව කියවෙන දේ සත්‍යක්ද ?
ජවිපෙ සතු බුද්ධිමය දේපල කොල්ල කාලා වන්දි ගෙවන්නත් සිද්ධ වෙච්ච කෙනෙක් ගැන කවර කතාද ? මේ සලකුණ අපිට ලැබුණේ මැතිවරණ කොමිසම ඒක ගැසට් කළාටත් පස්සේ

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති කොතරම් දුරට ජනගත වෙලාද ?
ජාතික ජන බලවේගයේ උත්සාහය පුද්ගලයෙක් දිනවීම නෙමෙයි. රටට අපේක්ෂාවන් දියහැකි ප්‍රතිපත්තියක් දිනවීමයි. අපි රට හමුවේ තිබ්බ ප්‍රතිපත්ති ජනතාව පිළි අරං තියෙන බව දිනෙන් දින ඔප්පු වෙනවා ජනතාව දවසින් දවස එකතු වෙන එකෙන් .

මේ වෙලේ ජනතාවට කියන්න තියෙන්නේ මොකද්ද ?
අපි සමග ඉන්නවා කියන්නේ හොරකමට නාස්තියට දුෂණයට භීෂණයට විරුද්ධව ඉන්නවා කියන එක. ජන්දේ දීලා හැමදාම පස්සේ බලනකොට ඉන්න ආණ්ඩු වලට ජන්දේ දීපු කෙනෙක් නැහැ. ඒවා පස්සේ ජවිපෙ ට නම් පවරන්න සුදානම් වෙන්න එපා. අපේ වැඩපිළිවෙල සහ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරනවා නම් ඒක තමන්ගේ ඉරණම තමන්ම ලියා ගන්නවා වගේ වැඩ. පාසේ පසුතැවෙන්න එපා කියල ජනතාවට මතක් කරන්න කැමතියි.

 

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here