Wed. Nov 13th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

සෝෆා සහ ඇක්සා පිළිබදව තලතාගෙන් මහා සංඝ රත්නයට ලිපියක්

Read Time1 Minute, 29 Seconds

පසුගිය දිනක දිවයින පුරා වැඩ වෙසෙන ගෞරවණිය මහා සංඝයා වහන්සේලා වෙත සෝෆා සහ ඇක්සා ගිවිසුම් පිළිබදව ව්‍යාජ තොරතුරු ඇතුළත්ව නිර්ණාමිකව  ලිපියක් යවා තිබෙි.

ඒ  පිළිබදව එහි සත්‍ය අසත්‍යතාවය පැහැදිලි කිරීම සදහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසින් මහා සංඝ රත්න ය වෙත යවන ලද ලිපිය මෙසේයි ..

ගෞරවණීය ස්වාමින් වහන්ස,

ඔබ වහන්සේ වෙත නිර්නාමිකව එවන ලද ලිපිය සදහා පිළිතුරු වශයෙන් සහ අසත්‍ය කරුණු පිළිබද සත්‍යතාවය දැනුවත් කිරීමට ශාසනාලය පෙරදැරිව මෙසේ ලිවිමට අදහස් කරමි,
එම ලිපිය මගින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මුළු රටම ඇමරිකා එක්සත් ජනපදයට භාරදී අප මාතෘ භූමිය ඇමරිකා එක්සත් ජනපදයේ කදවුරක් බවට පත් කිරීමට ගිවිසුමක් සුදානම් කර ඇති බවත් එය සෝෆා ගිවිසුම ලෙසත් හදුන්වා දී ඇත.
ගරු ස්වාමීන් වහන්ස, සෝෆා ගිවිසුම හා ඇක්සා ගිවිසුම සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරීමක් පහතින් දක්වා තිබේ.

සෝෆා ගිවිසුම යනු…

සෝෆා ගිවිසුම යනු 1995 වර්ෂයේ ශී‍්‍ර ලංකා රජය වෙනුවෙන් එවකට ජනාධිපති ලෙස කටයුතු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ඇමෙරිකානු එක්සත් ජනපදය අතර
ඇති කර ගත් ඇමරිකානු නාවික ගුවන් යානා සදහා පහසුකම් සැපයීමට යොදා ගත් අවබෝධතා ගිවිසුමක් වේx මෙම ගිවිසුම මගින් ඇමරිකානු යුධ හමුදාවට ශී‍්‍ර ලංකාවට බාධාවකින් තොරව එවකට පැවති යුධමය වාතාවරණයේදී යුධමය ක‍්‍රියාමාර්ග සදහා ශී‍්‍ර ලංකා වරාය ගුවන් තොටුපලවලින් ඇතුලූ විමේ හැකියාව උදාවේ. වර්තමානය වන විට මෙම ගිවිසුම යාවත්කාලීන කිරීම :නැවත ගිවිසුම් ගත කිරීම * කටයුතු තවම සිදු කර නොමැත.

ඇක්සා ගිවිසුම යනු…

මෙම ගිවිසුම 2007 වර්ෂයේදී ඇමරිකානු එක්සත් ජනපදය සහ ශී‍්‍ර ලංකා රජය අතර අත්සන් කළ ගිවිසුමක් වන අතර එමගින් අපගේ ආරක්ෂක හමුදාවට නාවික පුහුණුව ලබා ගැනීමට මුහුදු තීරය ආරක්ෂා කර ගැනීමට ඇමරිකානු එක්සත් ජනපදයේ සහය හිමිවේx මෙමගින් අපගේ ජාතික ආරක්ෂාව සහ ස්වෛරීත්වය වැඩි දියුණු කිරීමට හේතු වේ.මෙම ගිවිසුම 2007 මාර්තු 05 වන දින එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඇමරිකානු එක්සත් ජනපදය අතර අත්සන් කර තිබෙන අතර එය 2017 අගෝස්තු මස 04 වන දින එය නැවත යාවත් කාලීන කර තිබේxඇක්සා ගිවිසුම මගින් ශී‍්‍ර ලංකාව ඇමරිකානු එක්සත් ජනපදය එකිනෙකාගෙන් භාණ්ඩ මිලදී ගැනීමට ඉඩ ප‍්‍රස්තාව උදාකර දී තිබේ.

ඔබ වහන්සේට ලැබුණු නිර්නාමික ලිපියේ මෙම ගිවිසුම් සම්බන්ධයෙන් කොන්දේසි වශයෙන් කරුණු 16 ක් පිළිබඳව සඳහන් කර තිබෙන අතර ඒ පිළිබඳව නිවැරදි කරුණු සැකවින් ඔබ වහන්සේගේ අවධානයට සහ දැන ගැනීම පිණිස මෙසේ දක්වනු කැමැත්තෙමි.

‘‘01. ඇමරිකානු එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙම ගිවිසුමේ කාර්යයන් කිරීම සදහා මෙරට එවන සියලූම හමුදා නිලධාරීන් ඇතුලූ සෙබලූන්ට කොන්ත‍්‍රාත් කරුවන්ට එම කොන්ත‍්‍රාත්කරුවන්ගේ නියෝජිතයින්ට කම්කරුවන්ට තානාපතිවරුන්ට හිමි වන මුක්තිය හිමි වේ….. ’’

ඉහත මෙම කරුණ සම්පුර්ණයෙන්ම අසත්‍යයකි.

‘‘ ඕනෑම රටක රාජ්‍ය සේවයට අනුයුක්තව හමුදා හෝ සිවිල් නිළධාරියෙකුට තම රජය නියෝජනය කරමින් වෙනත් රටකටයාමේදී ඔවුන් හට තම රජය විසින් තුන්වන ලියවිල්ලක් :ඔයසරා ඡු්රඑහ භදඑැ -ඔඡුභ*ල ලබා දෙන අතර එය විසා ලබා ගැනීමේදීප‍්‍රමුඛතාවයක් නිකුත් කරන ලිපියක් මිස කිසිවිටකත් තානාපතිවරුන්ට හිමි මුක්තිය හිමි නොවේ.

’’02. මෙම ගිවිිසුම යටතේ ලංකාවට පැමිණෙන ඉහත 1වන පරිච්ඡෙදයේ කී පුද්ගලයෙකූ සිදු කරනු ලබන අපරාධයක් සම්බන්ධයෙන් විමර්ෂන කළ හැක්කේ ඇමරිකා එක්සත් ජනපදයේ දී පමණි එය ඔවුන්ගේ අපරාධ නීතිය අනුව සිදු කෙරේ

ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.

මෙම ගිවිසුමට ප‍්‍රථම වතාවට ශී‍්‍ර ලංකාව සහ ඇමරිකාව අත්සන් තබන ලද්දේ 1995 වසරේදී වන අතර එය ආරක්ෂක අමාත්‍යාංශය මගින් සි¥ කරනු ලබන අතර ඒ අනුව සෑම ඇමරිකානු පුරවැසියෙකුම සි¥ කරනු ලබන අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශනයක් කළ හැක්කේ එරට අපරාධ නීතිය නොව වියානා සම්මුතියෙහි සදහන් කරුණු අනුව පමණි.

‘‘03. මෙම සියලූ දෙනාටම තානාපති මුක්තිය ඇති බැවින් ඔවුන් මෙරට අපරාධ සහ සිවිල් නීතියට යටත් නොවේ’’
ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.
මෙම පුද්ගලයන්ට තානාපති මුක්තිය නොලැබෙන අතර එම ගිවිිසුමෙන් ශී‍්‍ර ලංකාවේ ස්වෛරීත්වය ආරක්ෂා වන අතර සියලූදෙනා ශී‍්‍ර ලංකාවෙි නීතියට යටත් වේ.

04. සෝෆා ගිවිසුම ඇමරිකානු හමුදාවේ පාවිච්චිය සදහා ශී‍්‍ර ලංකාවේ ඕනෑම ස්ථානයක ගොඩනැගිලි ඉදි කිරීමේ පුර්ණ අයිතිය ලැබේ. මෙහි ගොඩනැගිලි ලෙස සදහන් වුව ද මේවා ඇත්ත වශයෙන්ම හමුදා කදවුරුය’’
ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.
ඇමරිකානු හමුදා හෝ වෙනත් කිසිම විදේශ හමුදාවකට ලංකාවේ ස්ථානගත විමට හෝ කදවුරු බැදීමට ඉඩකඩ නොමැත.

5. ඔවුන් මෙරට බදු හෝ වෙනත් ගෙවිම් වලට යටත් නොවේ’’
ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.
මේ පිළිබදව මෙම ගිවිිසුම මගින් නොව එහෙත් ශී‍්‍ර ලංකාවේ සේවය කරමින් විදේශ මුදල් වලින් වැටුප් ලබන සෑම නිලධාරියකුම ආදායම්Cබදු වලින් නිදහස් වේ.

‘‘06. ඔවුන්ට මෙරටට පැමිණිම පිටවිම සදහා විසා පාස් පෝට් අවශ්‍ය නැත‘‘
ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.
ඉහත 01 සදහන් පරිදි සියලූම විදේශිකයන්ට නීත්‍යානුකූලව නිකුත් කරන ගුවන් ගමන් බලපත‍්‍ර සහ විසා අත්‍යාවශ්‍ය වේ.

‘‘07. කිසි හැදුනුම්පතක් කිසිම ස්ථානයකදී ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැත’
ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.
ශී‍්‍ර ලංකාවේ ස්වෛරීත්වය ගිවිසුමෙන් ආරක්ෂා වන බැවින් සෑම විදේශිකයෙකුම තමන්ගේ අනන්‍යතාවය හෙළි කිරීමට බැදී ඇත.

‘‘08. ඇමරිකානු ගුවන් යානා නාවුක යාත‍්‍රා ඕනෑම ගුවන් තොටුපලකට හෝ වරායකට කිසි අවසරයක් නොමැතිව ඕනෑම අවස්ථාවක ඇතුළුවිමට ද හැක’’
ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.
ශී‍්‍ර ලංකාව ස්වෛරී රටක් වන බැවින් මෙරටට පැමිණෙන ඕනෑම නෞකාවක් හෝ ගුවන් යානාවන්ට හෝ එහි නිලධාරීන් හට මුහු¥ සීමාවටත් ගුවන් අවකාශයටත් ඇතුළු විමට අවසරය ලබා ගත යුතුමෙන්ම අවශ්‍ය අවසරයක් නොමැතිව පිටවිම ද කළ නොහැක

‘‘09. එසේ එය යාත‍්‍රා ගුවන් තොටුපලකට හෝ වරායකට ඇතුළු විමේදි හෝ පිටවිමේදී කිසි¥ යාත‍්‍රාවක් හෝ එහි ඇති භාණ්ඩ කිසිවක් පරීක්ෂාවට ලක් කළ නොහැක‘‘
ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.
මෙරටට සෝෆා ගිවිසුම යටතේ පැමිණෙන සෑම මගියෙකුටම සාමාන්‍ය ගුවන් හෝ නෞකා මගින් පැමිණෙන සෑම මගියෙකුමෙන් පරීක්ෂාවට ලක් කිරීමට ඒ සම්බන්ධයෙන් වන සියලූ ආගමන විගමන නීති රීතින්ට යටත් වේ.

10. ඉහත කී යාත‍්‍රා වලින් කිසි¥ වරාය හෝ ගුවන් තොටුපල ගාස්තු අය කළ නොහැක.’’
ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.
අනෙක් සෑම වෙළද යුධ හෝ මගී යානාවක් නෞකාවක් මෙන්ම ගුවන් තොටුපලට හෝ වරායන් තුළට ඇතුළු විමේ දී ගාස්තු ගෙවිමට යටත් වේ.

‘‘11. ශී‍්‍ර ලංකාවේ විදුලි සංදේශ පද්ධතියට කිසි¥ අය කිරීමක් නොමැතිව ඔවුන්ට අවශ්‍ය පරිදි නිර්මාණය කර පාවිවිචි කළ හැක’’
ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකිx
ශී‍්‍ර ලංකාවෙි විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව මගින් පාලනය වන අතර එහි අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ.

12. මෙම ගිවිසුම යටතේ කි‍්‍රයා කිරීමේදී ශි‍්‍ර ලාංකීය හමුදාවේ නිළධාරියෙකූට සිවිල් වැසියෙකූට දේපළකට සිදු වෙන හානි එනම් ජිවිත හානි වලට ද ඇතුළුව වන්දි ගෙවිමේ වගකීමෙන් නිදහස් වේ‘‘
ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.
සෑම ශී‍්‍ර ලාංකික පුරවැසියකු වන ඕනෑම කෙනක් හෝ දේපළක් මෙන්ම මෙම භූමිය තුළ සි¥වන සියලූ වැරදි සම්බන්ධයෙන් ලංකාවේ නීතියට යටත් වේ.

13. ඇමරිකා එක්සත් ජනපදයේ නිකුත් කර ඇති ඕනෑම වෘත්තිය බලපත‍්‍රයක් රිය¥රු බලපත‍්‍ර ද ඇතුළුව මෙරට වලංගු වෙි ඒවා පරීක්ෂා කිරීමට ශි‍්‍ර ලංකාවට අයිතියක් නැතxමේ සම්බන්ධයෙන් මෙරට පනවා තිබෙන නීති ද සෝෆා ගිවිසුම යටතේ කි‍්‍රයාත්මක වේ’’
ඉහත මෙම කරුණ පහත පරිදි වේ…
ශි‍්‍ර ලංකාවේ ඒ ඒ අවශ්‍යතාවන්හි පිළිගැනීම අනුව සි¥ කෙරෙන අතර පිළිගත් විදේශ රියදුරු බලපත‍්‍ර වලංගු වේ.එහි පරීක්ෂා කිරීමේ බලය මෙරට නිළධාරීන් සතුය.

‘14. සෝෆා ගිවිිසුම කෙටුම්පත පිළිගත හැකි යැයි ශි‍්‍ර ලංකාව ප‍්‍රකාශ කිරීමෙන් පමණක්ම එය නීතිමය වශයෙන් බලාත්මක වේ නැවත ගිවිසුමක් අත්සන් කිරීම අවශ්‍ය නොවේ’’
ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.
1995 දී ඇමරිකා එක්සත් ජනපදය හා ශ‍්‍රී ලංකාව අතර අත්සන් කරන ලද සෝෆා ගිවිසුම දෙරටම එකතු වන ඒකාබද්ධ ව්‍යායාමයන් සිදු කිරීම අවශ්‍ය නීති රිති සඳහන් වේ. එම අරමුණු ක‍්‍රියා පටිපාටි කිසි ලෙසකත් වෙනස් නොවේ.

15. මෙම ගිවිසුමෙන් සම්පුර්ණයෙන්ම ශි‍්‍ර ලංකාවේ ව්‍යවස්ථාව භෞමික අඛණ්ඩතාවය ස්වෛරීත්වය උල්ලංඝණය වේ’’
ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.
ශි‍්‍ර ලංකාවේ භෞමික අඛණ්ඩතාවය ස්වෛරීත්වය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති අතර එය ආරක්ෂා කිරීමට ද එකග වි ඇත.

16. මෙම ගිවිසුම බලාත්මක වුවහොත් මුළු ශි‍්‍ර ලංකාවම ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා කදවුරක් බවට පත් වේ’’
ඉහත මෙම කරුණ සම්පුර්ණ අසත්‍යයකි.
මෙය සම්පුර්ණයෙන්ම මෙම ගිවිිසුම පිළිබදව අවබෝධයක් නොමැති සමාජයේ එක් එක් කොටස් නොමග යැවිමටත් ගෞරවනීය ඔබ වහන්සේලා මගින් සමාජය තුළ යම් මතයක් ගොඩ නැගිමටත් කරන ලද අසත්‍ය ලියවිල්ලකි

අපේ රටේ පිහිටිම ද ආසියානු කළාපය තුළ ඉතාම වටිනාකමක් ගෙන දෙන අතර අපට එහි ආර්ථික ප‍්‍රගතිය සදහා හවුල්කරුවන් අවශ්‍ය වන අතර ජාත්‍යන්තර වේදිකාවෙන් හුදෙකලා විය නොහැක. ඇමරිකා එක්සත් ජනපදය ලොව සිටින ප‍්‍රධාන ආර්ථික බලවතෙක් වන අතර එහි නාවික බලය ඉතාම දියුණු මට්ටමක පවතින බැවින් සෝෆා සහ ඇක්සා ගිවිිසුම් තුළින් ශ‍්‍රි ලංකාව ආර්ථික වාණිජ කේන්ද්‍රස්ථානය වශයෙන් දියුණුකර ගත හැක. මෙම ගිවිිසුම අත්සන් කළ ද කිසිදු ආකාරයකින් රටකට මිලිටරි කි‍්‍රයාමාර්ගයක් ගත නොහැක. ලෝකයේ රටවල් 94 ක් මෙලෙස ගිවිසුම් ඇති කර ගෙනඇති අතර ඉන් ආසියාවේ සහ මැද පෙරදිග රටවල් 25 ක් වේ ඒ අතර දකුණු කොරියාව, සිංගප්පුරුව, ජපානය, ඉන්දියාව, කටාර්, ජෝර්දානය හා වෙනත් රටවල් ඇත.

ගෞරවනීය ස්වාමින්වහන්ස,
ඔබ වහන්සේලා නොමග යවමින් පටු දේශපාලනික අවශ්‍යතාවයන්පමුනුවා ගැනීම සදහා ව්‍යාජ තොරතුරු පදනම් කර ගනිමින් මෙම ගිවිසුම් සම්බන්ධ කාරණා සමාජයේ වැරදි මතයක් ගොඩ නැගීමට උත්සාහ කර තිබේ. මෙම ලිපිය මගින් ඔබ වහන්සේලා වෙත යම් පැහැදිලි කිරීමක් අවබෝදයක් ලබාදීමට හැකිවනු ඇතැයි මා විශ්වාස කරමි. එබැවින් ඔබ වහන්සේලා මෙම වැරදි මතය නිවැරදි කිරීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමි.

මෙයට, ශාසන ලැදි,

නීතිඥ තලතා අතුකෝරළ :පා.ම
අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රති සංස්කරණ අමාත්‍ය

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *