MCC ගිවිසුම ජනාධිපතිවරයෙන් පසුව අත්සන් කල යුතු බව පරිපාලන සේවා සංගමය පවසයි

ජනාධිපතිවරණයක් සමීපයේ MCC ගිවිසුම අත්සන් කිරීම යෝග්‍ය නොවන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ජනතාවත්, පර්ලිමෙන්තුවන් දැනුවත් කර තීරණයක් ගැනීම සුදුසු බවය.

ආණ්ඩුක්‍රම වියවස්තාවේ 157 ට ප්‍රකාරව ශ්‍රී ලංකා ආණ්ඩුවේ යම් විදේශ රාජයක ආණ්ඩුවක් අතර අත්සන් කරන ලද අන්තර් ජාතික ගිවිසුම් ජාතික ආර්ථිකයේ වර්ධනයට අතවශ්‍ය වන්නක් බව මුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩුව සන්ක්යාවක් විසින් පක්‍ෂව ජන්දය දී සම්මත කරනු ලැබුවහොත් පමණක් ශ්‍රී ලංකාව තුළ නීතියේ බලපෑම ඇති වන බව සදහන් වේ.

එබැවින් ඇමරිකා එක්සත් ජනපදය විසින් මේ වන විට රටවල් 29ක් සමග අත්සන් කර ඇති මෙම MCC ගිවිසුම හරහා එම රටවලට ඇතිවූ බලපෑම් සහ එහි වර්තමාන තත්වය පිළිබදව අවධානය යොමු කර වඩාත් පුළුල් අධ්‍යනයකින් මෙම ගිවිසුම් පිළිබද කටයුතු කිරීම ප්‍රයෝගික බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය යෝජනා කරන බව ඔවුන් එම සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here