ඕස්ට්‍රේලියාවේ ගුවන්යානයේ කලහකාරිවූ පුද්ගලයාගේ දඩුවම ලිහිල් කෙරේ

මෙල්බර්න් ගුවන්තොටුපළට ගොඩ වූ ගුවන් යානයකට බෝම්බයක් පුපුරවා හරින බවට තර්ජනය කරන ලද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ශ්‍රී ලාංකික පුද්ගලයෙකුට ඔහුගේ දඩුවම අඩු කර ඇති බව ඒබීසී නිව්ස් ඕස්ට්‍රේලියාව වාර්තා කරයි.

ඕස්ට්‍රේලියාවේ ගුවන් යානයක් පාලනය කිරීමට උත්සාහ කිරීමේ වරදට දඩුවම් ලැබූ පළමු පුද්ගලයා මනෝද් මාක්ස් ය.

මාර්ක්ස් 2017 මැයි මාසයේදී ක්වාලාලම්පූර් හරහා ශ්‍රී ලංකාවට යමින් සිටියදී ගුවන් යානය ගුවන් ගත වූ සැණින් අතේ ගෙන යා හැකි ස්පීකර් සහ බැටරි පැකට්ටුවක් ඔහුගේ බෑගයෙන් ලබා ගත් අතර එය බෝම්බයක් යැයි ව්‍යාජ ලෙස කියා සිටියේය.

ඔහු ගුවන්තොටුපළට යන අතරමගදී අයිස් භාවිතා කර ඇති අතර එය මනෝ ව්‍යාධිය ඇති කර ඇති බව සදහන් වේ. එම නිසා
ඔහු මැලේසියා ගුවන් සේවයේ මගීන්ට පැවසුවේ නියමුවා සමඟ කතා කිරීමට අවශ්‍ය බවත් “මා ළඟ බෝම්බයක් තිබෙනවා,” යනුවෙනි.

පසුව මාර්ක්ස් නියමු කුටියේ දොර ළඟට දිව ගොස් ඔහුට “යානය විනාශ කිරීමට අවශ්‍ය” බව ප්‍රකාශ කර ඇත. මිනිත්තු 15 කට පසු මෙල්බර්න් ගුවන්තොටුපළට ගොඩබසින තෙක් ඔහුගේ අත් සහ පාද බැඳීමට ප්ලාස්ටික් කේබල් භාවිතා කළ මගීන් විසින් ඔහුව යානයෙන් ඉවත් කර තිබේ.

ඔහුට පසුගිය වසරේ ප්‍රාන්ත උසාවියේදී වසර 12 ක සිර දඩුවම් නියම කරන ලදී. අද, වික්ටෝරියා අභියාචනාධිකරණය ඔහුගේ දඩුවම වසර අටක සිර දඩුවමක් දක්වා අඩු කළේය.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here