Wed. Nov 13th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

නිශ්ශංක සේනාධිපති තව දුරටත් රිමාන්ඩ්

Read Time5Seconds

ගාල්ල ආසන්න මුහුදේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ස්වයංක්‍රිය ගිනි අවි 816 ක් සහ ජීව උණ්ඩ 2020,935 ක් තබාගැනීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින ඇවන්ගාඩ් සමාගම් සභාවේ නිශ්ශංක සේනාධිපති ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කොට ඔහු දෙසැම්බර් මස 3 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (08) නියෝග කළේය.

මෙම නඩුව අද ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබූ අතර මෙම නඩුව සම්බන්ධයෙන් මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ විශ්‍රාමික හමුදා මේජර් ජෙනරාල්වරුන් වන පාලිත ප්‍රනාන්දු සහ බී එගොඩවෙල, ජාතික පොලිස් කොමිසමේ හිටපු ලේකම් සමන් දිසානායක රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර ඇතුළු පස් දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරනු ලැබූ අතර මෙම විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව චෝදනා 7573 ක් යටතේ නඩු පවරා තිබේ

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *