Wed. Feb 26th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

අසන්තිගේ ජිවිතේ සම්පුර්ණයි

Read Time2 Minute, 32 Second
ඇය මදක් පෙනෙන්න නැති වුනත් ඇයගේ ජනප්‍රියත්වයේ අඩුවක් නම් නැහැ.
මේ වන පුංචි දියණියට තමන්ගේ කාලය වඩාත් ලබා දෙන නිසාත් ඇය මදක් නිහඩ වෙලා නමුත් හොද නිර්මාණයකට මෙන්ම තමන්ගේම නිර්මාණ කිහියකටම ඇය දායක වෙන්න සුදානමින් ඉන්නවා.
ඒවගේම ඇය වැඩිහරියක් දැන් ඉන්නේ ඕස්ට්‍රේලියා වල අසන්ති රණසිංහ ගේ ගමන ගැන ආපස්සට හැරිලා අපි කතා කළා..
” පාසල් කාලේ ඉදලා මම රගපෑමට පුදුමාකාර විදියට ප්‍රිය කළා. අධ්‍යාපන කටයුතු අවසන් වෙලා ස්වර්ණවාහිනියේ වැඩසටහනකට සම්භන්ද වෙමින් පසුව අම්මාවරුනේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයෙන් 1998 පසුව ටෙළි නාට්‍ය රැසකට දයකා වුණා..
ඒ අතරතුර රුපලාවන්‍ය උපදේශිකාවක් ලෙසින් වැඩ කරන ගමන් විදෙස් ගත වුණා. ඔන්න ඔහොම කාලේ එක්ක දැන් බබා එක්ක තමයි වැඩි හරියක් ඉන්නේ “…
ඔබ ඔබ විලාසිතා මවන්නියක් බවට පත් වුණා ?
ඔව් මම එක විලාසිතාවක් දෙවරක් භාවිතා කරන්නේ නැති තරම්. අවස්ථාවට ගැළපෙන විදියට විරල සරල විලාසිතා භාවිතා කරනවා අදටත්
ඔබ රංගනය රැකියාව කර නොගත්තේ ඇයි ?
ජීවත්වීම සදහා රංගනය රැකියාවක් වශයෙන් නිරත වීම සුදුසු ස්ථානයක් නෙමෙයි කියලයි මම පුද්ගලිකව හිතන්නේ. හැකියාව රටට පෙන්වන්න මිස මුදල් උපයන්න රංගනය සුදුසු නැහැ.
ඔබට ශේෂ්ත්‍රයේ තරගයක් තිබ්බද ?
මට තරගයක් අභියෝගයක් තිබ්බේ නැහැ. මොකද මට එහෙම ලොකු, හදිසි, ගමනක් තිබ්බේ නැහැ. මට හෙමින් ගමනක් තිබ්බේ. එතැනදී හැමෝම එක්ක සුහදශීලිව කටයුතු කළා.
කොහොමද ජිවිතේ දැනෙන්නේ ?
හරිම සරලයි සැහැල්ලුයි ඒ නිසාම විනෝදයි. මගේ ජිවිතේ සම්පුර්ණයි
ඔබ හොද යාලුවෙක්ද ?
ඇසුරු කලොත් ඒ අය කියයි. නිහතමානියි. ඒත් අදුරන්නේ නැති අයත් එක්ක නම් කතා කරන්නේ නැහැ. හැබැයි යාළු වුණාට පස්සේ මට වඩා හොද මිතුරියක් වෙන නැති වේවී
  • Ash
0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *