පොලිස් ස්ථානයේ නිළධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම්

මන්ද මානසික තරුණියක් දුෂණය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි සොයා ගැනිම මගහැරිමේ චෝදනා මත නිළධාරින් තිදෙනාගේ වැඩ තහනම් කර ඇත.

මෙලෙස වැඩතහනමට ලක්ව ඇත්තේ පොලිස් පරික්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේය.

සබරගමුව පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කෑගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා විසින් අදාල වැඩ තහනම් කිරිම සිදු කර තිබෙන බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 07 වනදා හෙම්මාතගම පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර ඊට අදාල සාක්ෂි සොයා ගැනිම මගහැර ඇති බැවින් අදාල නිළධාරින් තිදෙනාගේ වැඩ තහනම් කර ඇත.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here