අයෝධ්‍යා ශුද්ධ භූමිය නඩුවේදී හින්දු භක්තිකයන්ට පක්ෂව තීන්දුවක්

මතභේදයට ලක්ව ඇති උතුරු ඉන්දියාවේ ‘අයෝධ්‍යා ශුද්ධ භූමිය’ කෝවිලක් ගොඩනැගීමට අවශ්‍යව සිටින හින්දුන්ට ලබාදිය යුතු බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය තුළ පිහිටි මෙම භූමියේ හිමිකාරිත්වය සඳහා හින්දු භක්තිකයන් සහ මුස්ලිම්වරුන් අතර පැවති නඩුව වසර දශක කිහිපයක් පුරා ඇදී ගියේය.

දේවස්ථානයක් ගොඩනැගීම සඳහා මුස්ලිම්වරුන්ට වෙනත් ඉඩමක් ලබා දෙන බව අධිකරණය පැවසීය.

බොහෝ හින්දු භක්තිකයන් විශ්වාස කරන්නේ ඔවුන් දේවත්වයෙන් සලකන රාම දෙවියන් (Lord Ram) ගේ උපන් ස්ථානය මෙය බවය.

නමුත් මුස්ලිම්වරුන් පවසන්නේ ඔවුන් අනාදිමත් කාලයක සිට එම ස්ථානයේ වැඳුම් පිදුම් කළ බවය.

16 වැනි සියවසේදී ගොඩනැගූ යැයි සැලකෙන් බබ්රි දේවස්ථානය හින්දු භක්තිකයන් පිරිසක් විසින් 1992 දී විනාශ කරන ලදි. ඉන් අනතුරුව ඇති වූ කැරලි කෝලාහල නිසා 2000 ක් පමණ දෙනා මිය ගියහ.

 

 

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here