Wed. Nov 13th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මීගොඩ FB සාදයකින් 30ක් අත්අඩංගුවට

Read Time3Seconds

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සංවිධානය කරන ලද මීගොඩ ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා එහි සිටි තරුණයින් 21 දෙනෙකු සහ තරුණියන් 09 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර නීතිවිරෝධී සාදයක සාමාජිකයින් වීම නිසා මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන ඇති අතර මෙම සාදයට සහභාගිවී සිටි සියලුම තරුණ තරුණියන් නීතිවිරෝධී මත්ද්‍රවය පානය කර ඇති බවයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර ගංජා ග්‍රෑම් 27ක් ලග තබා ගෙන සිටිමේ සැකකරුවන් 07 දෙනෙකු ද හෂිස් මිලිග්‍රෑම් 200 ක් ලග තබා ගෙන සිටි සැකකරුවෙකුද සිටින බවයි පොලිසිය සඳහන් කරයි.

වයස අවුරුදු 18 – 27 ත් අතර වන මෙම තරුණ තරුණියන් පිරිස අද දිනයේදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *