Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ගෝඨාට අපහාස කළ අත් පත්‍රිකා බෙදූ හර්ෂගේ ලේඛම් කෙනෙක් අත්අඩංගුවට

Read Time6Seconds

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ලෙස මුද්‍රණය කළ අත් පත්‍රිකා තොගයක් බෙදා හැරී කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ලෙස පත්‍රිකා මුද්‍රණය කරන බවට ලද පැමිණිල්ලකට අනුවයි.

කෙසේවෙතත් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රිවරයෙකු පිළිබඳ හෙළි වී ඇති අතර අදාල ස්ථානයට එම හිටපු නාගරික මන්ත්‍රිවරයා ද පැමිණ ඇති අතර එහිදී හෙළි වී ඇත්තේ ඔහු කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ අමාත්‍යාංශයේ වත්මන් සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බවයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *