Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිභාවය අවලංගු ලියකියවිලි නාමල් පෙන්වයි

Read Time13Seconds

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ පුද්ගලයින්ගේ නාම ලේඛණයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත්ව නොමැති බවට අසත්‍ය සහ මඩ ප්‍රචාරයක් සිදුවෙමින් ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු ට්විටර් පණිවිඩයක් තබමින් ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ බවට අමෙරිකානු රජය නිකුත් කළ සහතිකය සහ අනෙක් ලියකියවිලි වල ජයාරූප දක්වමින් සටහන් කර ඇත්තේ ඉදිරි දින කිහිපයේදී ජනතාව මුලා කිරීමට එක්සත් ජාතික පක්ෂයට දැන් තවත් බොරුවක් සොයා ගැනීමට සිදුවනු ඇති බවය.

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ පුද්ගලයින්ගේ නාම ලේඛණයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත්ව නොමැති බව අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ට්විටර් සටහනක් තබමින් කරුණු දක්වා තිබූ අතර එහි දැක්වුණේ ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් අමෙරිකානු පුරවැසියෙකු වන බවයි.

හරීන් ප‍්‍රනාන්දු විසින් සිය ට්විටර් පණිවිඩය හරහා පළ කර ඇත්තේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු විදෙස් ගමන් බලපත‍්‍රයේ මුල් පිටුව පමණයි.

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු විදෙස් ගමන් බලපත‍්‍රය අවලංගු කරමින් අමෙරිකානු රජය තැබූ මුද්‍රව ඇතුළත් පිටුව අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සිය ට්විටර් සටහනට එක්කර නොමැත

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *