දමිළ පක්ෂ වල කිසිදු කොන්දේසියකට සජිත් යටත් නැහැ

මේ වන විට කතා බහට ලක්ව තිබෙන දමිල පක්ෂ වල කොන්දේසි සම්බන්දයෙන් තමාට කිසිදු ගනුදෙනුවක් නැති බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නමුත් එකසත් ජාතික පෙරමුණ ඔවුන්ගේ කොන්දේසි වලට එකගවී ඇති බවට පළවන වාර්තා සම්බන්දයෙන් අප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගෙන් CGS කළ විමසීමේදී ඔහු පැවසුවේ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සහ යාපනය වි.වි සිසුන් කණ්ඩායමක් එක්ව සකස් කළ යොජනා 13න් එකක් වත් ඔහු පිළි නොගන්නා බවය.

එමෙන්ම ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරපත් කර ඇති බවත් එය සියළු ජනතාව දන්නා පොදු ලියවිල්ලක් බවත් එය හැරුණු කොට වෙනත් කිසිදු ලියවිල්ලකට හෝ ගිවිසුමකට කොන්දේසියකට කිසිදු දේශපාලන කණ්ඩායමක් හෝ කිසිවෙක් සමග තමන්ට නැති බවත් ඔහු සදහන් කළේය.

තවද ඔහු පැවසුවේ නව ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් සංධාන ගතවූ සියළු දෙනා සමග කිසිදු පුද්ගලික න්‍යය පත්‍රවලින් බැහැරව පොදු ජාතික අරමුණ සමග සිටින බවයි. එමගින් දුෂිත පවුල් පාලනය දුරු කර ප්‍රජාත්‍රන්තවාදය අගයන රටක් නිර්මාණය වනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here