මිනිසුන් ජාතිය, කුලය, වර්ණය අනුව උස් හෝ පහත් වන්නේ නැත “මිලාදුන් නබි උත්සවය”

ඉස්ලාම් බැතිමතුන් මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය සමරන මිලාදුන් නබි උත්සවය අදට (10) යෙදී තිබේ.

එහි වැදගත්කම පැහැදිලි කරන ශී‍්‍ර ලංකා උලමා කවුන්සිලයේ සභාපති මුබාරක් අබ්දුල් මජිද් මව්ලවිතුමා කියා සිටියේ “නබිතුමාගේ උපන් දිනය සැමරීම ලාංකික මුස්ලිම් ජනතාවගේ සංස්කෘතික අංගයක් බවයි.” බවය.

මිලාදුන් නබි උත්සවය වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ද සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්,

නබි නායකතුමාගේ ඉගැන්වීමට අනුව කිසිදු පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට වඩා ජාතිය, කුලය, වර්ණය අනුව උසස් වන්නේ හෝ පහත් වන්නේ ද නොමැති බවයි ජනාධිපතිවරයා එහි දක්වා ඇත..

——

මේ අතර මිලාදුන් නබි උත්සවය වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්,

අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නබි නායකතුමන්ගේ ජන්ම දිනය සමරන මේ මොහොතේ එතුමන්ගේ වටිනාකම අනුව යමින් අන්තවාදයන් පරදවා යහපත් සමාජයක් නිර්මාණය කිරීමට ඉස්ලාම් බැතිමතුන් දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරයි.

————-

අදට යෙදී තිබෙන නබි උත්සවය වෙනුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින්, පවසන්නේ අනෝන්‍ය අවබෝධය, සහෝදරත්වය, එකිනෙකාට උපකාර කිරීම හා සාධාරණත්වය, මුහම්මද් නබිතුමාගේ මූලික ඉගැන්වීම්වල හරය වන බව.

ඒ අනුව නබි උත්සව සමයේදී එම දේශනාවට අනුව ජීවිතය ගැඩගස්වා ගැනීමට ඉස්ලාම් බැතිමතුන්ට අවස්ථාව උදාවන බවයි විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here