සජිත්ගේ දැන්වීමකට පැමිණිල්ලක්

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ මැතිවරණ ප‍්‍රවර්ධන කටයුතු සඳහා ග‍්‍රාම නිලධාරියෙකුගේ චරිතය යොදා ගෙන නිර්මාණය කළ දැන්වීමක් වහාම ඉවත් කරන්නැයි ඉල්ලා ශ‍්‍රී ලංකා ග‍්‍රාම නිලධාරී සංගමය විසින් මැතිවරණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මහජනතාව සමග ඍජුව කටයුතු කරන ග‍්‍රාම නිලධාරීන් යම් දේශපාලන පක්ෂයකට පක්ෂපාතී කණ්ඩායමක් ලෙස මෙම දැන්වීම මගින් අදහස් කෙරෙන බවයි එම සංගමය මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලේ දැක්වේ.

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්ෂයට මේ සම්බන්ධයෙන් අවවාද කර මෙවැනි කි‍්‍රයා යළි සිදු නොකරන්නැයි දන්වන ලෙස ද ශ‍්‍රී ලංකා ග‍්‍රාම නිලධාරී සංගමය මැතිවරණ කොමිසමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here