Mon. Nov 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

MCC ගිවිසුම ගැන මහින්ද, සජිත්, අනුරගේ කතා

Read Time10Seconds

එළැබෙන 16ට තව දින හයකි. රටේ තීරණාත්මක අවස්ථාවකි. එවන් තැනක හිදමින් අද දේශපාලන කරළියේ නිතර ඇසෙන වචනයකි MCC. ඒ කියන්නේ MCC ගිවිසුම නැතහොත් මිලේනියම් චැලේන්ජ් ගිවිසුම.

එහෙමත් නැත්නම් සහශ්‍ර අභියෝගිතා සහයෝගිතා ගිවිසුම ලෙස හැදින් වෙනවා. ඇමරිකා එක්සත් ජනපද රජය වෙනුවෙන් එරට ඇති සහශ්‍ර අභියෝගිතා සහයෝගිතා සංවිධානය MCC අපේ ආණ්ඩුව වෙනුවෙන් මුදල් අමත්‍යංශය අතර ඇති කරගෙන තිබෙන ගිවිසුමක්. මේ වන විට කැබිනට් අනුමැතිය නම් ලැබිලා නිසා මුදල් අමාත්‍යංශයේ වෙබ් පිටුවෙත් පළ කර තිබෙන නිසා ඕනෑම කෙනෙක්ට බලන්නත් පුළුවන්.

මෙමගින් එක්සත් ජනපදයේ සහශ්‍ර සංවර්ධන අභියෝග පිළිබද ආයතනය මෙරට රාජ්‍ය ආයතනය කිහිපයක් පලදායි යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.එම යෝජනා කිහිපයකට මුල්‍ය ආධාර පිරිනැමීත් සිදු වෙනවා.

රටේ ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම, මහාමාර්ග පදිකමාරු සංවර්ධනය වාහන තදබදය අවම කිරීම මෙන්ම බොහෝ නවීකරණ වැඩසටහන් නැවීම තාක්ෂණික වියාපෘති නිරවුල් ඉඩම් ඔප්පු ලබා දීම වැනි බොහොමයක් දේ මිට ඇතුළත්.

කෙසේ වෙතත් මෙය මේ වන විට විවේචනයට තුඩු දී තිබෙන ප්‍රධාන මාර්තෘකාවක්. ඒ නිසාම MCC ගැන අපි කෙලින්ම පක්ෂ ප්‍රධානීන්ගෙන් විමසුවා. ඒ, එහෙන් මෙහෙන් කියන දේ නොව ඔවුන් සිටින නිවැරදි ස්ථාවරය ඔවුන්ගෙන්ම දැන ගත යුතු නිසා …

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

“ආණ්ඩුව කියනවා රටට සෙතක් වෙනවා කියලා. පොහොට්ටුව කියනවා උගුලක් කියලා. රටේ සම්පත් විකුනද්දීත් මේ දෙගොල්ලොම කිව්වේ රටට සෙතක් වෙනවා කියලා. අපිට පෙන්නේ දෙගොල්ලොම මේකෙන් මේ ජන්දේ වෙලේ වාසි ගන්නවා. ආණ්ඩුව මේ කලබලේ මේක අත්සන් කිරීම සැකයට හේතුවක්. මේකේ ඇත්ත රටට හෙළි කරලා පාර්ලිමේන්තුව ඉදිර්පත්කරලා සංවාදයක් පැවැත්විය යුතුයි.ගිවිසුම අත්සන් කරලා පාර්ලිමේන්තුවට ඉදිරපත් කරලා වැඩක් නැහැ”.

අනුර කුමාර දිසානායක මහතාගේ ඒ අදහස් දැක්වීම පිළිබදව අපි එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස ඇසුවා,

“මේක දැන් සංවාදයට කරුණක් වෙලා තමයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ පිටතදී සහ තුළ විධිමත් සාකච්ජාවක් ඇති කිරීමට මම කටයුතු කරනවා. මෙවන් වියපෘති හරහා රටට කෙතරම් හොද ප්‍රතිලාභ ලැබුණත් මේ සියලු ගිවිසුම් වලට එළඹිය යුත්තේ මේ රටේ ආණ්ඩුක්‍රම වියවස්තාවට, ජනතා අභිලාෂයට සහ නිතියට අනුව. ඒ නිසා හදිස්සියේ මේක අත්සන් කරන්නේ නැහැ”.

ඇමරිකානු ආරක්ෂක ගිවිසුම අත්සන් කිරීම රාජපක්ෂ පාලන සමයේදී සිදුවිය. එය එසේ වුවත් මේ වෙද්දී පොදුජන පෙරමුණ MCC ගිවිසුමට දක්වන්නේ දැඩි විරෝධයක්. මේ පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,

“ඇමරිකන් ආරක්ෂක ගිවිසුම අපි අත්සන් කළේ ඒක රටට අහිතකර නැති නිසා. නමුත් මේක එහෙම නෙමෙයි. මේකෙන් මුළු රටම පාවා දෙනවා.ඉදිරියේදී අපි රටට අහිතකර රට පාවා දෙන කිසිදු ගිවිසුමකට අත්සන් කරන්නේ නැහැ”.

කොහොමහරි MCC අද මතභේදයට ලක් වෙලා. ඒවගේම මංගල සමරවීර ඇමති මෙම ගිවිසුම අත්සන් කිරීමට යන බවත් වාර්තා වෙනවා.

 

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *