අනුරගේ අගමැති

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර සිය අගමැති අපේක්ෂකයා ගැන පැවසීමට ඉක්මන් නොවන බව පවසයි.

මේ වන විට ප්‍රධාන පක්ෂ වලින් විවිධ නම් අගමැති අපේක්ෂකයන් වෙනුවෙන් යෝජනා වන වන නිසා ජවිපෙ නමක් කිව හැකිදැයි CGS කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ,  එසේනම් පාර්ලිමේන්තුවේ සිටින 6 දෙනාගෙන් කෙනෙකුගේ නමක් කියන්නට සිදු වන බවය.

එහෙත් මෙය ජනාධිපතිවරණය බවත් මුලින් ප්‍රබල ජනාධිපති කෙනෙක් තෝරාගත යුතු බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.

මෙවර ජනාධිපතිවරණය ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළොත් ඊලග මහා මැතිවරණයේදී ප්‍රබල ආණ්ඩු බලයක් ලබා ගත යුතු බැවින් එතැනදී ඔවුන් සමග දක්ෂයෝ උගතුන් විද්වතුන් පිරිසක් සිටින බවද ඔහු පවසයි. ඒ නිසා අනිත් පක්ෂ මෙන් අරයට මෙයාට මේක අරක දෙනවයි පැවසීමට තමන් ඉක්මන් නොවන බව ඔහු සදහන් කළේය.

 

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here