Sat. Dec 14th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

පක්ෂය ආරක්ෂා කිරීමට රනිල්ගේ විෂිශ්ට තීන්දුව වූ සජිත් 

Read Time4Seconds
පක්ෂය ආරක්ෂා කිරීමට රනිල්ගේ විෂිශ්ට තීන්දුව වූ  සජිත් ගැන අපිට එජාප මහ ලේඛම් අකිල විරාජ් කාරියවසම් කියූ කතාව
 
රනිල් වික්‍රමසිංහ මහත්තයව ජනාධිපතිවරණයට ඉදිරපත් නොකළේ ඇයි ?
ඔහු ප්‍රජාත්‍රන්තවාදී නායකයෙක් විදියට තීරණයක් ගත්තා. පක්ෂ නොකැඩි යන්න එය හේතුවක් වුණා. එතුමාට වැදගත් පක්ෂය සහ රට. ඔහුගේ නායකත්වයෙන් සජිත් ගේ අපේෂකත්වයෙන් වැඩ කටයුතු සිදු වෙමින් යනවා. එතුමා පක්ෂ නායකයෙක් විදියට සිය යුතුකම හරියටම ඉටු කළ නායකයෙක්.
පක්ෂයේ සමහරි සජිත් ට කැමති නැති බවට කියවෙනවා 
ඒවා බොරු කතා. කාට හෝ මතයක් හදන්න ඕන කමට කියන ඒවා. එහෙමනම් මෙතරම් සාර්ථකව මැතිවරණ කටයුතු ජනරැලි සිදු වෙන්නේ කොහොමද ? ඔහුට කැමති නැත්නම් ඔහුව පරද්දන්න ඕන එහෙම පරද්දලා මොනා කරන්නද. සියලුදෙනාම ඔහුව දිනවන්න කැපවීමෙන් වැඩ කරනවා. පක්ෂය තුළ කිසිම මතබේද නැහැ.
නමුත් පක්ෂේ අපේක්ෂකත්වය විවිධ විවේචන තිබ්බා කියන එක හංගන්න බැහැනේ ?
විවධ මත විවේචන තිබුණා. එක තමයි අපේ පක්ෂේ වෙනස. ඕන කෙනෙක්ට මත දරන්න අදහස් කියන්න පුළුවන්. නමුත් සාකච්චා කරලා හැමෝම එක මතයකට ඇවිල්ලා තීන්දුවක් ගත්තා. දැන් එතුමා වෙනුවෙන් වැඩියෙන්ම කතා කරන්නේ විරුද්ධව කතා කල අය. රට සංවර්ධනය කරලා යහපතක් කරන්නයි අපේ අරමුණ. මතභේද නැතුව ගාමනක් යනවා.
සජිත් ගමට විතරයි හොද ජාත්‍යන්තරයට නොගැලපෙන බවට සමහරු විවේචන කරනවා නේද ?
එතුමාටත් කාලයක් අවශ්‍ය වෙනවා. රනිල් මහත්තය 77 දේශපාලනය පැමිණ විවිධ තරාතිරම් වල හිටියා හැමෝම එහෙමයි. නායකත්වයේ ලක්ෂ එකිනෙකට වෙනස්. ඔහුට අවශ්‍ය දැනුම අත්දැකීම් තියෙනවා. හිටපු ජනාධිපති කෙනෙක්ගේ පුතෙක්. ගෝඨාභය මහත්තය එක්ක බලනකොට සජිත් ඉදිරියෙන්.
සජිත් මහතා තනිව ගමනක් යනවද කියලා සමහර වෙලාට හිතෙනවා ඔහු කරන සමහර ප්‍රකාශ හරහා,
මැතිවරණයකදී සියළු ජන කොටස් ආකර්ෂණය කර ගැනීම අතවශ්‍යයි. එතුමා විශ්වාසයෙන් කටයුතු කරන බව ගැන සැකයක් තබා ගත යුතු නැහැ.
0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *