ඕමානය සහ ශ්‍රී ලංකාව සෘජු ගුවන් ගමන්

ඕමානයේ මස්කට් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර ඍජු ගුවන් ගමන් සේවයක් ආරම්භ කර තිබේ.

සලාම් එයා ගුවන් සේවයේ මංගල ගුවන් යානය ගුවන් නියමු කපිතාන් මොහොමඩ් අහමඩ් මහතා විසින් පදවාගෙන පැමිණි අතර, එහි මගීන් 86 දෙනෙකු සහ 07 දෙනෙකුගෙන් සමන්විත කාර්යය මණ්ඩලයක්ද සමග .- 320 නියෝ වර්ගයේ ගුවන් යානයෙන් අද උදෑසන 8.00 ට ඕ.වී.- 431 දරන ගුවන් ගමන් අංකය යටතේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මෙම ගුවන් ගමන් සේවාව සතියේ සෑම සදුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවල උදෑසන 8.10ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , යළි එදිනම උදෑසන 9.10 ඕමානයේ මස්කට් බලා පිටත්ව යෑමට නියමිතය.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here