Fri. Dec 13th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

චීනය පාකිස්තානය සමඟ ඇති ශ්‍රී ලංකාවේ සබඳතා ගැන ඉන්දියාව ගැටළුවක් ඇති කර ගත යුතු නැති බව ජනපති කියයි

Read Time6Seconds

ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (30) ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු ඇතුලු කාර්යය මණ්ඩලයේ නිලධාරීන් හමුවිය.

මේ අතර ජනාධිපතිවරයා ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ මහලේකම් රාම් මාදෙව් ද , “ද හින්දු” පුවත්පතේ කර්තෘ සෝහාෂි හයිඩර් ද හමුවී තිබේ. ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර අතීතයේ ඇති වැරදි වැටහීම් වලක්වා ගැනීම සඳහා “අවංකව සහ මුලිකත්වය” ගෙන තමන් කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය මහතා ප්‍රකාශ කර ඇත.

චීන ආයෝජනයන්ට විකල්පයක් ලෙස ඉන්දියාව ඇතුළු කලාපයේ අනෙකුත් රටවල් ශ්‍රී ලංකාවේ වැඩි ආයෝජනයන් සිදු කළ හැකි බවට “ද හින්දු” පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර ඇත.

චීනය හා පාකිස්තානය සමඟ ඇති ශ්‍රී ලංකාවේ සබඳතා සම්බන්ධයෙන් ඉන්දියානු බලධාරීන්ට සැකයක් හෝ ගැටළුවක් ඇති කර ගත යුතු නොවන බවත් ශ්‍රී ලංකාවට වැදගත් වන සියලුම ව්‍යාපෘති කඩිනම් කරන බවත් නාධිපතිවරයා මෙහිදී පැවසුවේය..

එමෙන්ම හෝටලයක් හෝ පර්යන්තයක් බදු දෙන ආකාරයට හම්බන්තොට වැනි උපායමාර්ගීකව වැදගත් කමකින් යුත් වරායක් බදු දීම අනුමත නොකරන බව ත් වරායක් හෝ ගුවන් තොටුපළක් බද්දට ලබාදීම වෙනස්ම කාරණාවක්. අපේ රට ඇතුලේ ඔවුන්ට ඕනෑම දෙයක් සිදු කිරිමේ හැකියාවක් මේ තුලින් ලැබෙනවා.පසුගිය රජය විසින් 99 වසරක බද්දක් සදහා වටිනාකමකින් යුත් මේ වරාය බදු දීම ගැන අනාගත පරපුර කවදා හෝ දිනයක අපිට ශාප කරනවා. ඒ නිසයි මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න අපේ රජය තීරණය කලේ, ජනාධිපතිවරයා හම්බන්තොට වරාය සම්බන්ධයෙන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය .

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *