නායයාමෙන් එකම පවුලේ 4ක් මිය ගොස් පවුල් 30ක් අවතැන්

නායයාමේ අවදානමක් හේතුවෙන් මඩොල්සිම වතුයයාට අයත් ගල්උල්ලවත්ත ඩුමෝ කොටසේ පවුල් 35 ක් ඉවත් කර ගාල්ල දෙමළ විද්‍යාලයේ තාවකාලිකව රඳවා සිටිති. මේ අතර, රත්නපුර, බදුල්ල, කෑගල්ල යන දිස්ත්‍රික්කවල ජනතාව නායයාම් පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතු බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

නුවරඑළිය වලපනේ මූන්වත්ත මළපට්ටාව ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන් මියගිය ගණන 04 දෙනෙකු දක්වා වැඩි වී තිබේ. මියගිය තුන්දෙනෙකුගේ සිරුරු මීට පෙර සොයාගෙන තිබුණු අතර, අතුරුදන් වී සිටි පාසල් සිසුවාගේ සිරුර පස්වරුවේ සොයා ගෙන තිබේ. මෙම සිසුවා හෙට (02) ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටි අයෙකි.

නායයාම සිදු වූ ස්ථානයේ තිබී මීට පෙර සිරුරු සොයා ගැනුණේ මෙම සිසුවාගේ වැඩිමහල් සහෝදරියගේ, මිත්තණියගේ සහ මුත්තණුවන්ය. මියගිය තරුණිය 17 වන වියේ පසු වූ අතර බේරා ගැනීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කර තිබිණි.

මේ අතර වැසි ආපදා හේතුවෙන් මේ වනවිට පවුල් 1,156 ක පුද්ගලයින් 4,126 දෙනෙකු බලපෑමට ලක්ව සිටියි. දිස්ත්‍රික්ක 08 කට බලපෑම් ඇති වී තිබෙන අතර වැඩිම බලපෑමක් ඇති වී තිබෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කය. එහි ආරක්ෂිත ස්ථාන 04 ක් ද ආරම්භ කර ඇති අතර අවතැන් වූවන් 569 දෙනෙකු වේ

උඩවලව ජලාශයේ ධාරිතා ඉක්මවා යෑම හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු සියල්ලම අඩි එක හමාර බැගින් විවෘත කර තිබේ. අම්බලන්තොට,රිදියගම,මැලේ කොළණිය සහ වලව ගග පහල කොටසේ ජලය පරිහරනය කරන අය විමසිල්ලෙන් පසුවන ලෙස මේ වන විට දන්වා තිබේ. මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගයේ තෙල්දෙණිය වෑගල ප්‍රදේශයට ස්ථාන කිහිපයකදී පස් කඳු හා ගල් කඩා වැටී මෙන් මාර්ග බාධක ඇතිව තිබේ.

එමෙන්ම රට පුරා බොහෝ ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේදී ද වැසි ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here