වැසි වැඩි වෙයි. ප්‍රදේශ රැසකට පිඩා. දිස්ත්‍රික් 3කට රතු නිවේදන

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රාජාංගනය, උඩවලව, අංගමුව හා දැදුරු ඔය ඇතුළු ජලාශ කිහිපයක මෙලෙස වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 643 ක් පීඩාවට පත්ව සිටින අතර දිස්ති‍්‍රක් 03 කට නායයාම් රතු නිවේදන නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ රත්නපුර, බදුල්ල සහ කෑගල්ල යන දිස්ති‍්‍රක්ක සඳහා මෙම නායයාම් රතු නිවේදනය නිකුත් කර තිබේ.

පස්කඳු කඩාවැටීම හේතුවෙන් බදුල්ල දිස්ති‍්‍රක්කයේ මාර්ග කිහිපයක ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබෙන අතර
බදුල්ල දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයක නායයාම් ද වාර්තා වී ඇත. මේ අතර දිවයිනේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here