ඉම්රාන් ඛාන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍ය මහමුද් කුරේෂි සහ එම අමාත්‍යංශයේ උසස් නිලධාරියකු මෙරට දෙදින නිල සංචාරයක් සදහා ඊයේ (01) රාති‍්‍රයේ දිවයිනට පැමිණියේය.

තමන් පාකිස්තානු අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ් විශේෂ ලිපියක් ජනාධිපතිවරයා වෙත භාර දීමට පැමිණි බව ද අනතුරුව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට බලාපොරොත්තු වන බව ද විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ පාකිස්තාන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ ඔවුන් පිළිගත්තේය. කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ දී ප‍්‍රකාශයක් කළ පාකිස්තානු විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ මෙය විශේෂ සංචාරයක් බවයි.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here