Sat. Dec 14th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ලංකාව සාග්හිදී පළමු රන් ලෝකට පදක්කම් දිනා ගනී

Read Time18Seconds

ලංකාව සාග්හිදී පළමු රන් ලෝකට පදක්කම් දිනා ගනී

දකුණු ආසියානු 13 වැනි ක්‍රීඩා උළලේ පිරිමි ඒකළ ටයිකොන්ඩෝ තරග ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාව නියෝජනය කළ රනුක ප්‍රභාත්, රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

නේපාලයේ පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළලේ දී ශ්‍රී ලංකාව දිනූ පළමු රන් පදක්කම ද මෙය වන අතර ශ්‍රී ලංකාවේ හේෂානි හෙට්ටිආරච්චි 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළලේ කාන්තා කරාතේ තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තාය

———————————————————————————————

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඇරඹේ

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මණ්ඩු නුවර දසරත් රංග ශාලා ක්‍රීඩාංගණයේදී ඊයේ(01) පස්වරුවේ ඇරඹිණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සමාරම්භක උළෙලෙදී ශ්‍රී ලංකා ධජය රැගෙන යාම හිමි වුයේ හෙල්ල විසි කිරීමේ ශූරියක වන නදීකා ලක්මාලීටය.

ඒ අනුව අද දින සිට ඉසව් 28ක් සඳහා රන් සහ රිදී පදක්කම් 317 ක් මෙන් ම ලෝකඩ පදක්කම් 481 ක් වෙනුවෙන් දකුණු ආසියාතික කලාපය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟ වඳී.

ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මණ්ඩු සහ ෆොකරා නගර කේන්ද්‍ර කර ලබන 10 වැනි දා දක්වා මේ සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000කට අධික සංඛ්‍යාවක් මෙවර තරගාවලියට සහභාගී වන වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 560 කට අධික ප්‍රමාණයක් සහභාගී වේ. ඊට මලල ක්‍රීඩකයන් 36 දෙනෙකු හා මලල ක්‍රීඩිකාවන් 29 දෙනෙකු අයත් ය.

නේපාලයට ගිය අවස්ථාවේදී ශ්‍රී ලංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නේවාසික ගැටළුවක් මතු වුයේ නවාතැන් ගැනීමට අදාල පහසුකම් නොමැති වීම හේතු කොට ගෙනය. කෙසේ වෙතත් එලෙස උද්ගතවූ ප්‍රශ්ණය නිරාකරණය කිරීමට එරට බලධාරීන් කඩිනමින් කටයුතු කර තිබිණි. තත්වය එසේ වෙද්දී මෙරට නිලධාරීන් 100කට වැඩි පිරිසක් ඊට සහභාගිව සිටියදී මෙන්ම මරට අදාල බලධාරීන්ට දුරකථන ඇමතුම් දුන්නත් කිසිවකුත් ඊට පිලියමක් යෙදීමට සමත් නොවීම සම්බන්දයෙන් මේ වන විට චෝදනා එල්ල වී තිබේ. නමුත් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසා තිබුනේ ඒ පිළිබදව සොයා බලන බවය

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *