හිටපු හමුදා නිලධාරියෙක් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අසල විරෝධතායක්
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවකයෙකු පැහැරගෙන ගොස් තර්ජනය කර ඇති බවට කියවෙන සිදුවීම අල්ලා හිටපු හමුදා නිලධාරියෙකු කොළඹ ස්විස් තානාපති කාර්යාලය අසල විරෝධතාවක් දියත් කර තිබේ.
ඒ මේජර් (විශ්‍රාමික) අජිත් ප්‍රසන්නය. ඔහු පවසන්නේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවකයින් පොලීසියට ඉදිරිපත් කරන ලෙසටය. එලෙස ඉල්ලමින් මෙලෙස විරෝධතාවයක නිරත විය.
විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කර තිබුණේ තානාපති කාර්යාලය විසින් චූදිත තැනැත්තා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ සම්මුඛ පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කර නොමැති බවයි.
කෙසේ වෙතත්, 2019 නොවැම්බර් 29 වන සිකුරාදා ස්විට්සර්ලන්ත දූත මණ්ඩලය විසින් සපයන ලද තොරතුරු මත පදනම්ව පරීක්ෂණයක් පැවැත්වූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.