Sat. Dec 14th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

එජාපයෙන් නාම යෝජනා නොදුන්නොත් රංජන් ස්වාධින වෙයි

Read Time1Second

මහා මාර්ග සහ මාර්ග සංවර්ධන හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාට ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී නාම යෝජනා නොදීමට එක්සත් ජාතික පක්ෂකය තීරණය කර ඇති බව පැවසේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිරිකොතේදී පැවැත්වූ සාකච්චාවේදී මෙම තීරණ ගෙන ඇතැයි සදහන් වේ.

පසුගිය මැතිවරණ සමයේදී භික්ෂුන් වහන්සේලාට අපහාස කිරීම හරහා එජාපයේ බෞද්ධ ජන්ද පදනමට හානි වී ඇතැයි ද මෙවර ජන්ද අඩු වීමට එය එක් හේතුවක් වී ඇති බැවින් එම හේතුව පාදක කර ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සදහන් වේ.

මේ පිලිබදව අප කල විමසීමට පිළිතුරු දෙමින් රංජන් රාමනායක මහතා පැවසුවේ ඔහුට එසේ කරන්න ඔහු කළ වරද කුමක්ද යයි ඔහු එජාපයෙන් අහන්න කැමති බවය. එසේ වුවහොත් වෙනත් පක්ෂයකට නොයන බවද සදහන් කල ඔහු වැඩි දුරටත් පැවසුවේ ස්වාධීනව ඉදිරි මැතිවරණවලදී ඉල්ලන බවය

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *