පොලිස් කොමිසමට තමා බලපෑමක් නොකළ බව කතානායක කියයි

කථානායක කරු ජයසූරිය මහතා පොලිස් කොමිෂමට බලපෑම් කළ බවට පළවන ඇතැම් මාධ්‍ය වාර්තා කළ තොරතුරු සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පසුගිය දෙසැම්බර් 27 වන සිකුරාදා පොලිස් කොමිසමේ නිලධාරින් කැඳවා කථානායකවරයා විසින් බලපෑම් කල බවට සදහන් විය.

කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ මෙවැනි අසත්‍ය සහ පටු වුවමනාවන් මත මුළුමනින්ම ගොතන ලද පුවත් පලකිරිමෙන් සහ කථානායකවරයාට එරෙහිව දේශපාලනඥයින් කිහිපදෙනෙකු මේ දිනවල සැලසුම් සහිතව සිදුකරන ෙද්වේශ සහගත ප්‍රකාශ තුළින් ඔහු කිසිවිටකත් නොසැලෙනු ඇති බවත් එය ඉතිහාසය මගින් ඔප්පු කර ඇති බවත්ය.

ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාවලියට පදනම සැපයූ 17 වන ව්‍යවස්ථා සංශෝධනය උදෙසා 1999 වසරේ සිටම කැප වූ කරු ජයසුරිය මහතා කථානායකවරයා ලෙස එම කොමිෂන් සභාවන්හි ස්වාධීනත්වයට කැළලක් වන කිසිදු ක්‍රියාවකට ඉඩ නොතබනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here