මාධ්‍යවේදී ප්‍රගිත්ගේ නඩුව මඟ හරින බවට ඔහුගේ බිරිදගෙන් චෝදනාවක්

මීට වසර 10 කට පමණ පෙර තම ස්වාමිපුරුෂයා පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් සොල්දාදුවන් නව දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අධිකරණ මඟ හැරීමට උත්සහ ගන්නා ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍ය එක්නැලිගොඩ චෝදනා කරයි.

තම පැහැරගත් ස්වාමිපුරුෂයා වන ප්‍රගීත් එක්නැලිගොඩට සාධාරණය ඉටු කිරීම සඳහා වසර ගණනාවක් තිස්සේ අරගල කළ සන්ධ්‍යා කියා සිටියේ හමුදා බුද්ධි අංශවල සේවය කරන සමහර නිලධාරීන් “සාක්ෂි විනාශ කිරීමට හා සාක්ෂිකරුවන් බිය ගැන්වීමට උත්සාහ කරන” බවයි.

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහෝදරයා වන මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුර කාලය තුළ 2010 දී ප්‍රගීත් අතුරුදහන් විය. ඔහු විශ්ලේෂකයෙකු හා කාටූන් ශිල්පියෙකු ලෙසින්ද කටයුතු කළ මධ්‍යවෙදියකි.

2015 ජනාධිපතිවරණයේදී යහපාලන රජය මේ පිළිබදව පරීක්ෂණ ආරම්භ කළද මෙම නඩුව එතරම් සාර්ථක නොවීය.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here