SPC හිටපු සභාපති රිමාන්ඩ්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය මොහොමඩ් කාසිම් මොහොමඩ් රූමි ලබන 6 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට මුල්‍ය අනුග්‍රහය දැක්වූ බව පැවසෙන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් අද (31) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් අනතුරුවය.

එමෙන්ම රූමි මොහොමඩ්ට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබීය.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here