Tue. Jan 21st, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

දූෂණ මර්ධන නිලධාරී ලෙස පෙනී සිටි තිදෙනෙකු අත්අඩංගුවට

Read Time3Seconds

හරබණ පොලිස් වසමේ මීගස්වැව ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් පානදුර වලාන දුෂණ මර්දන අංශයේ නිලධාරීන් බව පවසමින් කාන්තාවන් දෙදෙනෙකු පැහැර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හබරණ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

පසුව ඊට සම්බන්ධ තිදෙනෙකු ඔවුන් විසින් භාවිතා කරන ලද පොලිස් ලාංඡනය සහිත නිල් පාට රෙදි තොප්පියක්, පොලිස් නාමය සහිත හැඳුනුම්පත් කවරයක් හා පොලිස් ජීප් රථයකට සමාන කළු පැහැදි ජිප් රථයක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 30, 39 ක් හා 56 ක පසුවන කුරුණෑගල, ත්‍රිකුණාමලය හා බුත්තල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද(13) හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *