Tue. Jan 21st, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

පාඨලීගේ බිරිදගෙන් සහ දියණියන්ගෙන් සංවේදී සටහනක්

Read Time3Seconds

මෙරට ක්‍රියාත්මක පහත් දේශපාලනයෙන් සහ අශිෂ්ට දේශපාලකයන්ගෙන් තම මව විශාල පීඩාවකට පත්ව සිටින බව පාඨලී චම්පක රණවක මහතාගේ දෙවන දියණිය වන අසිනි රණවක Asini Ranawaka මෙනවිය පවසයි.

තම පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ මෙම දේශපාලනයෙන් අප දෙදෙනා තරම් පීඩාවට පත් වූ දරුවන් සිටිය නොහැකි බවත් තාත්තාගේ දේශපාලන බලයෙන් කිසිදු වාසියක් නොගනිමින් සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වන්නට කොතෙක් උත්සාහ කළත්, පහත් මිනිසුන් කිහිප දෙනෙකු විසින් තමන්ව වචනයෙන් විස්තර කළ නොහැකි තරම් හිත් වේදනාවකට සහ පීඩාවකට පත් කර ඇති බවත්ය.

පාසලට, විශ්වවිද්‍යාලයට, පුද්ගලික පන්තියකට තබා කඩයකටවත් යාමට බැරි තත්වයක් ඇති කර ඇති නොමිනිසුන්ගෙන් අසන්නේ ඔබලාට දරුවන් නැත්ද කියා පමණකි යනුවෙනුයි එම දියණිය ප්‍රශ්න කරයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *