රංජන්ව අත්අඩංගුවට ගැනීමට නියෝග

වරෙන්තුවක් ලබාගෙන රන්ජන් රාමනායක අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශයට උපදෙස් දී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) දෙක වගන්තිය යටතේ මන්ත්‍රීවරයා විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් මෙලෙස කටයුතු කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබේ . මෙම වගන්තිය යටතේ නීතිමය පියවර ගැනෙන පළමු අවස්ථාව මෙය වේ.

විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන්, වරෙන්තුවක් ලබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, නීතිපති දප්පුල ද ලිවේරා කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයාට උපදෙස් ලබාදී ඇත.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here