Tue. Jan 21st, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

රාජිතගෙන් පැය 3ක් ප්‍රශ්ණ කරයි

Read Time5Seconds

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැය 03 කට ආසන්න කාලයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රාජිත සේනාරත්න මන්ත්‍රිවරයාට ඇප ලබාදෙමින් අධිකරණය නියෝග කර සිටියේ රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව යාමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි.

කිසියම් කණ්ඩායමක් විසින් යම් සිදුවීමක් මාධ්‍යය හමුවේ හෙළි කිරීමට අවශ්‍ය වන බැවින් ඊට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස තමන් ගෙන් ඉල්ලා සිටිය බවයි. ඒ අනුව තමන් ඊට සහයෝගය ලබා දුන් බවත් ඔවුන් සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව මෙහිදී මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇත.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *