Tue. Jan 21st, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

රුසියාවෙන් ලංකාවට දිගටම ආයුධ

Read Time10Seconds

ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය අවි ආයුධ අඛණ්ඩව සැපයීමට කටයුතු කරන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් මහතා සඳහන් කළේය.
දෙදින සංචාරයක් සදහා අද අලූයම දිවයිනට පැමිණි ඔහු පෙරවරුවේ විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් රුසියානු විදේශ කටයුතු ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ දෙරට අතර ද්වීපාර්ශවික වෙළදාම ඉහළ නැංවීමට කටයුතු කරන බවය.

ජගත් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන වලදී රුසියාව සමග එක්ව කටයුතු කිරීම පිළිබදව රුසියානු විදේශ කටයුතු ඇමතිවරයා මෙහිදී සිය ස්තුතිය පළකර සිටියේය. 42 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමග දිවයිනට පැමිණි රුසියානු විදේශ අමාත්‍යවරයා අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද මුණ ගැසීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී සිටින රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් කියා සිටියේ තම සතුරාට එරෙහිව සටන් කිරීමට සහ ආරක්ෂක පද්ධතිය වැඩිදියුණු කිරීමට රුසියාව විසින් ශ්‍රී ලංකා හමුදාවට අවි සහ උපකරණ ලබා දී ඇති බවයි.

විශේෂයෙන් ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ඇති සමීප සම්බන්ධතාවය ලැව්රොව් සඳහන් කළේය. රුසියාව සහ ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා එක්ව කටයුතු කරන බවත් පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තන් වගකිව යුතු බවට රුසියාව ශ්‍රී ලංකාවට සහාය දෙන බවත් ඔහු පැවසීය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *