සරසවි සිසුන් 12දෙනා නිදහස්

පසුගිය 08 වැනි දා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි එම විශ්ව විද්‍යාලයේ සිසුන් 12 දෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළේ එක් එක් සැකකරුවන් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මතය.

නැවත සාමය කඩ වන ආකාරයට කටයුතු කිරීමෙන් වළකින ලෙසටත් යම් හෙයකින් සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමක් සිදු කර ඇති බවට වාර්තා වුවහොත් ඇප අවලංගු කොට නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දැඩිව අවධාරණය කරන ලදි.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here