Tue. Jan 21st, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

එකී ප්‍රේමය මෙසේ නිමා විය

Read Time3Seconds
ඉකුත් 14වනදා උදෑසන 5.30ට වරකාපොල ගනේගමට අදුරු මතකයක් උදා කල උදෑසනක් විය. කිසිවකුත් නොපැතූ විලස නිවසක සිටි මවකට සහ ඇයගේ දියණියට වෙඩි තබා ඝාතනය කර තිබිණි.
වෙඩි තැබීමෙන් 22 හැවිරිදි දියණිය එතනම ජීවිතක්ෂයට පත් වුණා.  බරපතළ තුවාල ලැබූ මව වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කරමින් මෙකී ඛේදවාචකයේ මුල මැද අග සොයා වරකාපොල පොලීසියද සිය විමර්ශන ආරම්භ කළේය. එහිදී දියණියගේ ප්‍රේම සම්බන්ධතා ගැනත් එයට තදින් විරුද්ධවූ  මව ගැනත් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වෙලා.
නමුත් එකී විනිශ්චයේ නිශ්චිත බාවයක් නොවුයෙන් තව දුරටත් වෙඩි තැබීම සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් සොයා පොලිසිය වැඩි දුර වීමර්ශන සිදු කරන්නට වුනා
මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ රංහොටි පේඩිගේ නිරෝෂා නිරංජනී නිමල්ශාන්ත නමැති 22 හැවිරිදි තරුණියක්. රෝහල් ගත කළ ඇයගේ මව වන දිලංකා හේවයලාගේ වයලට් රංජනී 52 හැවිරිදි තිදරු මවක්.
මෙම තරුණියගේ පියා මීට වසර දෙකකට පමණ පෙර මියගොස් ඇති අතර මව දරුවන් සමග දොරවක නිවසේ පදිංචිව සිට සිටිනවා.
මියගිය තරුණිය එම ප්‍රදේශයේම යුද හමුදාවෙන් ඉවත්ව කසිප්පු ජාවාරමේ යෙදෙන පුද්ගලයකු (35) සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුව මෙම තරුණිය ඔහුගෙන් වෙන්වීමට කිහිප වතාවක්ම උත්සාහ කළද සැකකරු ඊට විරුද්ධ වී තිබෙනවා.
එම හේතුව මත මීට පෙරද අවස්ථා කිහිපයකදීම දෙදෙනා අතර ඇති වූ ගැටුම් හේතුවෙන් මියගිය තරුණිය වරකාපොළ පොලිසියට පැමිණිලි කළ බව මියගිය තරුණියගේ වැඩිමහල් සොයුරිය  හැඬු කදුළින්.
සිද්ධිය වූ දිනට පෙර දින සවස සැකකරු තරුණියගේ නිවසට පැමිණ ඇයට මරණ තර්ජන එල්ල කරමින් පරුෂ වචනයෙන් බැණවැදී නිවසින් පිටව ගොස් තිබෙනවා. පසුව 14 දා අලුයම 5.30 ට පමණ නිවැසියන් නිදා සිටි අවස්ථාවේ එක්වරම තරුණියගේ නිවසට පැමිණ ඇයට වෙඩි තබා ඇති අතර එය වැළැක්වීමට යාමේදී ඇයගේ මවටද වෙඩි වැදී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.
වෙඩි පහර කෑ තරුණිය දිවගොස් නිවසට මඳක් දුරින් වැටී මියගොස් සිටි අතර තුවාල ලැබූ මව ප්‍රතිකාර සඳහා වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර පසුව මහනුවර මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව වාර්තා වනවා.
13 වැනි දින රාත්‍රියේ මෙම නිවසට පැමිණ මියගිය තැනැත්තියට තර්ජනය කළ පසු නිවැසියන් ඒ පිළිබඳව 119 ඔස්සේ පොලිස් හදිසි ඇමතුම් අංශය දැනුවත් කර ඇති අතර එදින රාත්‍රියේ පොලිසිය එහි පැමිණ තිබුණා.ඊයේ යළිත් මෙම සැකකරු එම නිවසට පැමිණ දොරට පහර දෙනවිට මෙම දෙපළ කෑ ගසා ඇති අතර තරුණිය පිටුපස දොරන් පැන යාමට උත්සාහ දැරීමේදී වෙඩි තබා ඇති බවද අනාවරණය වනවා.
මෙසේ වෙඩි පහර කාගෙන මෙම තරුණිය නිවස පිටුපස වැටී මියගොස් සිටියා. තරුණ ජිවිතයක් එසේ මරණයට බිලි වෙද්දී මවක්ද මිය ගොසින්. පියා නැති පවුලේ හවුහරණක් නොවූ තවත් තරුණියක් අද තනිවී හෙට දවස ගැන භයෙන් බිරාන්තව නිරුත්තරව සිටිනවා. බලධාරීන් නිසිලෙස සිය කාර්යන් කලානම් අද වෙනස් වන්නට තිබුණත් මුදලට බලයට නැමෙන නොමිනිසුන් සිටිනතාක් මෙවන් අදුරු මතක තව ජිවිත වලට එකතු වේවි! ඒ නිසා මේවා නැවත නොවන්න නිසි බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුව ඇත
0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *