රන්ජන් රිමාන්ඩ්

අනිසි ආකාරයට අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරි වලට බලපෑම් කිරීමේ චෝදනාවට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනවාරි මස 29 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා අද (15) නියෝග කළේය

කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසා සිටියේ සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට යෑමේදී හැසිරුණු ආකාරය ද අධිකරණ ක්‍රියාවලිය හෑල්ලුවට සහ අපහාසයට ලක් කිරීමක් බවය.

ඔහු අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුවක් මත අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඔහුගේ නිවසට ගිය බවත් ඔහු එහිදී මාධ්‍ය ඉදිරියේ මංගල උත්සවයකට සහභාගි වන ආකාරයට විවිධාකාරයේ හැසිරීම් ප්‍රදර්ශනය කර ඇති බවත් එම ක්‍රියාවන් තුළින් අධිකරණ ක්‍රියාවලිය හෑල්ලුවට සහ අපහාසයට ලක්කිරීමක් සිදු කර ඇති බැවින් එම නිසා එවැනි ක්‍රියා සමජගත වීම වළක්වාලමින් සමාජයට යහපත් පණිවුඩයක් සන්නිවේදනය වන ආකාරයට සැකකරු සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසයි මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය

සැකකරු මීට පෙර ද අත්අඩංගුවට ගෙන ඇප මත සිටින බැවින් ඔහු ඇප මත මුදාහරින ලෙසට රංජන් රාමනායක මන්ත්‍රිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ දුරකථන සංවාද අනුව අධිකරණයට බලපෑම් කර ඇති ඊට අනුබල දී ඇති ඕනෑම පුද්ගලයකු ඔවුන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පැමිණිලි පාර්ශ්වය කටයුතු කරන බවය.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here