සහලින් ස්වයංපෝෂිත කිරිමේ ඉලක්කය සපුරා ගැනීමට රජය ජනතාවගේ සහය පතයි

දෙමළ-හින්දු භක්තිකයින් උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල් දිනය අදට යෙදී තිබේ. “අස්වනු නෙළීමේ උත්සවය” යන්න තෛපොංගල් යන්නෙහි අරුත ලෙස දැක්වෙයි. කෘෂිකර්මාන්තයෙන් ලබාගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න සරු වීමට කෘතගුණ දැක්වීම එම උත්සවයේදී සිදුකෙරෙන බව සඳහන්.

මේ අතර ලෝකවාසී දෙමළ ජනතාව හරසරින් පිළිගන්නා තෛපොංගල් මංගල්‍යයෙන් අපේක්ෂිත අරමුණ සාධණය කර ගැනීමට නම් ලංකාවාසි සියලු දෙනා එකිනෙකා අවබෝධ කරගන්නා වාතාවරණයක් ඇතිකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ සඳහා ආකල්පමය මෙන්ම ක්‍රියාවෙන්ද යථාර්ථයක් බවට පත් කරගැනීමට පියවර ගතයුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පවසයි. මේ අතර සියලු ජාතීන්ට එකමුතුව සහයෝගයෙන් ජීවත්විය හැකි සාමකාමී රටක් ලෙස සියලු දෙනා හට සුහදත්වය සහ අනෝන්‍ය අවබෝධය උදාකරගත හැකි සුවිශේෂී අවස්ථාවක් තෛපොංගල් උත්සවයෙන් ලැබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කෘෂිකර්මය හා බැඳුණු තෛපොංගල් උත්සවය දිනයේදී සහලින් ස්වයංපෝෂිත කිරිමේ රජයේ ඉලක්ක සපුරා ගැනීමට සියලුදෙනා අධිෂ්ඨාන කරගත යුතු බව අග්‍රාමාත්‍යවරයා සිය තෛපොංගල් දින පණිවිඩයෙන් පවසයි.

ජාතීන් අතර ඇති දුරස්ථ බව අවම කැරගැනීමට මෙන්ම ඔවුන් අතර ඇති සහජීවනය වර්ධනය කැරගැනීමට ද තෛපොංගල් වැනි වර්ණවත් උත්සව මනා පිටිවහලක් වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී. ශ්‍රී ලාංකික සහ ලොව වටා වෙසෙන සියලුම දමිළ ජනතාව වෙත සෞභාග්‍යය පිරී ඉතිරී යන සුබ තෛපොංගල් දිනයක් මම ප්‍රාර්ථනා කරමි.

කථානායකතුමාගේ තෛපොංගල් දින සුභපැතුම් පණිවුඩය

අප සියල්ලන්ම “සොබාදහමේ කොටස්කරුවන්ය” යන යථාර්ථය නිවැරදිව අවබෝධ කරගනිමින් සොබාදහම කෙරෙහි කෘතවේදීත්වය දැක්වීම මෙහි හරයන් තුළ විද්‍යමාන වෙයි. විශේෂයෙන්ම සිංහල හින්දු අළුත් අවුරුදු චාරිත්‍ර හා තෛපොංගල් චාරිත්‍රයන්හි සමිප බව තුළින් ලබා දෙන අතිශය වැදගත් පණිවුඩය නම් ජාතින් ආගම් වශයෙන් වන පටු සීමාවන් අතික්‍රමනය කළ එකම පොදු මූලයකින් සිංහල දමිල ජනතාව බැඳි සිටින බවය.

කෘතවේදීත්වය, පරෝපාකාරය, සාමුහිකත්වය මෙන්ම සමස්ථ ලෝකය වෙත සාමය සමෘද්ධිය ප්‍රාර්ථනා කරන තෛපොංගල් මඟින් ඔප්නංවන මානව ගුණාංග හෙට දවසේ මනුෂ්‍යත්වය පිරුණු ලොවකට පිටුවහලක් වේවා!’යි පතමින් සකල ශ්‍රි ලංකාවාසී සහෝදර දමිළ ජනතාව වෙත හා සමස්ත ලෝවාසීන් වෙතත් සියළු යහපත් පැතුම් ඉටුවන තෛපොංගල් සැමරුමකට ආසිරි පතමි

0 0
Advertisements

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here